2025 ජූනි 25, පෙ.ව. 12:04
දේශානි නෙහාරා සිය ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉන්න අවදියක, තිරයෙන් ඈතට යනවා.
ඒ, ගුවන් සේවිකාවක් වීමේ සිහිනය හඹාගෙන.
‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ ආන්‍යා විදියට කාගෙත් ආදරේ දිනූ ඈ, පසුව සිය වෘත්තීය තෝරාගැනීම නිසාම නිතර නිතර දකින්න ලැබෙන්නෙ නෑ.
ඒ වුණත් ඈ සම්පූර්ණයෙන් ම රංගනයට සමුදුන්නෙත් නෑ.
කොහොම නමුත් මේ වෙද්දි, දේශානිව නිතර අපේ ඇස ගැටෙනවා. ඒ නිර්මාණවලින් සේම රූපවාහිනි වැඩසටහන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ.
සමාජ මාධ්‍ය තුළ දේශානි වඩාත් කතාබහට ලක්වන්නෙ, ජනප්‍රිය නළු ඉසුරු සහ ඇය නිතර දක්නට ලැබීම නිසාවෙන්.
මේත් එක්ක, දේශානිට ආදරේ කරන කවුරුත් විමසිලිමත් වුණු කාරණාවක් තමයි ඇය ගුවන් සේවිකාවක් ලෙස ආරම්භ කළ වෘත්තීය හැරවුමට මොකද වුණේ කියන එක.
ඔව්, ඇය මේ වෙද්දි ඒ රැකියාවෙන් ඉවත් වෙලා කලාවට මුල් තැන දීලා.
දේශානි නම් කියන්නෙ ඇය රංගනය ද ගුවන ද කියන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු බව.
ඒ, ගෙවුණු කාලය තුළ මුහුණ දුන්නු දුෂ්කරතා හේතුවෙන්. ක්ෂේත්‍ර දෙකම කාර්‍යබහුල ක්ෂේත්‍රයන් වන නිසාම, දැනුණු දැඩි වෙහෙසත් අවිවේකී බවත් එක්ක තමන් අසනීප වුණු බවත් දේශානි කියලා තිබුණා.
ඔය කාරණා නිසාම පොඩි කාලෙකට හරි දීර්ඝකාලීනව හරි රැකියාවට සමුදීලා, තමන්ගේ ලොකුම ආසාව සහ පළමු හීනය වුණු ‘රංගනයට’ මුල්තැන දෙන්න ඇය තීරණයක් අරන්.
”ඇත්තටම මම ගෙදර බල කිරීමට තමයි මේ රැකියාවට යන්නෙ. මගෙ හීනයක් වුණත්, මෙච්චර ඉක්මනට ඒකට යන්න වුවමනාවක් තිබුණෙ නෑ පිටරටක. අවස්ථාව හම්බුණු නිසා මාව ඒකට තල්ලු කළා. ඊට පස්සෙ මාත් ගියා. මට හරි දුක හිතුණා මං දාලා යන්නෙ ගොඩක් හොඳ දේවල් කියලා. මම කොහොම හරි ට්‍රයි කළා, ඒකත් කරගෙන යන ගමන් මේ වැඩත් කරන්න ඕනියි කියලා. මට ඒකට මෙහෙදිත් සහයෝගයක් හම්බුණා.
කොහොම නමුත් ඇත්තටම මම යුද්ධයක් කළේ. සමහර දවස්වලට ෆ්ලයිට්ස් කරලා ඇවිල්ලා අනිත් පැත්තට නිදාගන්නෙත් නැතුව ශූටින් කරලා ආයෙම මම යනවා. ගෙදර අයව හම්බෙන්නෙත් නෑ. කෙලින්ම එයාර්පෝට් එකෙන් ශූටින්වලට යනවා. ආයෙම එහෙ ගිහිල්ලා ෆ්ලයි කරනවා. මට ගොඩක් ඒක වෙහෙසකාරී වුණා. ඒකයි මම පොඩ්ඩක් හිතුවෙ නතර කරලා රංගනයට තැනක් දීලා ඊට පස්සෙ පොඩ්ඩක් බලනවා කියලා. ”
උපුටාගැනීම : Chat & Music වැඩසටහනේ කතාබහක් ඇසුරින්
2025 ජූනි 25, පෙ.ව. 9:44
2025 ජූනි 25, පෙ.ව. 12:09
2025 ජූනි 25, පෙ.ව. 12:05
2025 ජූනි 25, පෙ.ව. 12:05
2025 ජූනි 24, ප.ව. 5:32
24-06-25
24-06-25
22-06-25
22-06-25
13-06-25
13-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
11-06-25
11-06-25
10-06-25
10-06-25
08-06-25
08-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25