2025 ජූනි 28, පෙ.ව. 12:06
සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ වූ අපරාධයන්ට ශ්‍රී ලාංකික පුරවැසියන් වින්දිතයන් වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, Wechat ආදී සමාජ මාධ්‍ය ජාලා කරගනිමින් සිදු කරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් ඇති බවට නිරීක්ෂණය වී ඇත.
අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සදහා ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිතා කරනු ලබයි.
එහිදී පලමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔසසේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පලකර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරනු ලබයි.
පලමු පියවර ලෙස මෙම අයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම් දී එම සුළු මුදල සදහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කල මුදලට එකතු කර ලබාදීම සිදු කරනු ලබයි.
මෙවැනි පියවරයන් කිහිපයකදී ආයෝජකයාට ප්‍රතිලාභ ප්‍රමාණය ලබාදෙනු ලබයි. එහිදී මෙම පුද්ලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවසථා ඇති බව සදහන් කරමින් විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලබයි. මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකු වල ඇති ගිණුම් වලට වේ.
ඒ අනුව මුදල් ප්‍රමාණයන් අවස්ථාවන් කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කලද ඒ සඳහා ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදීම සිදු කරයි. මෙම ආයෝජකයන් ප්‍රතිලාභයන් ලබානොදීම සම්බන්ධයෙන් අපරාධ කරුවන්ගෙන් අදාල සමාජ ජාලා ඔසසේ වීමසීමේදී එම අපරාධකරුවන් දන්වා සිටින්නේ ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාඪතු වැනි ගා සතු ගෙවිය යුතු බවත් ඒ සදහා ද අමතර මුදල් යෙද වුවහොත් ප්‍රතිලාභය ලබාදිය හැකි බවයි. ඒ අනුව තව තවත් මුදල් ප්‍රමාණ ආයෝජනය කරන ලෙසට දැනුම් දෙනු ලබයි.
දෙවැනි ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔසසේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පලකර ඒ සදහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම් වලට බැර වන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත් ඒ සදහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලබයි.
මෙම ක්‍රමවේදය ඔසසේ ඉහත විස්තර කරන ලද පලමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිතා කරමින් වෙනත් ගිණුම් වලට සංසරණය සිදු කරන බවට විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව මේ සදහා ගොදුරු වන පුද්ගලයින් නොදැනුවත්වම කලු සල්ලි සුදු කිරීමේ මූල්‍ය වංචාවට හා අපරාධයකට ආධාර අනුබල දීමේ වරදට හසු වේ.
මෙම අපරාධයන් සිදු කරනු ලබන අපරාධකරුවන් මෙරට හෝ විදේශ රටවල සිටිමින් නවීන තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතා කර සිදු කරනු ලබන බවට සිදුරටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Facebook, Whatsapp, Telegram, Skype, Wechat සමාජ ජාලා වලින් කරනු ලබන අපරාධයන් පිළිබද තොරතුරු ලබා ගැනීමට විමර්ශකයන්ට ක්ෂණිකව නොහැකිවීම මත මෙම අපරාධකරුවන් අපරාධයන් සිදු කර නීතියේ රැහැනෙන් ගැලවී යන බවට නිරීක්ෂණය වේ.
එබැවින් මෙවැනි අපරාධයන් වළක්වා ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් කිරීම ප්‍රධාන නිලධාරීන් හදුනාගෙන ඇත. අවශ්‍යතාවයක් බවට විමර්ශන
එබැවින් සියලු විඳුත් හා මුත මාධ්‍යයන් සහ Facebook, Whatsapp, Telegram, Skype, Wechat යන සමාජ ජාලා මගින් විවිධ පුද්ගලයන් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙනු ලබන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සදහා පිවිසීමට ලබා දෙන අන්තර්ජාල දිගු (Link), නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසත්, තම පුද්ගලික බැංකු ගිණුම් විසතර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහදුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවැනි පාර්ශව වල උපදෙස පරිදි ඔවුන් විසින් ලබාදෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීම සිදු නොකරන ලෙසත් ඒ අනුව මෙම අපරාධයන් පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබාදීම තුලින් ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි.
2025 ජූනි 28, පෙ.ව. 12:13
2025 ජූනි 28, පෙ.ව. 12:08
2025 ජූනි 28, පෙ.ව. 12:06
2025 ජූනි 28, පෙ.ව. 12:06
2025 ජූනි 28, පෙ.ව. 12:05
28-06-25
28-06-25
28-06-25
28-06-25
28-06-25
28-06-25
28-06-25
28-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25