hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 ජූලි 01, පෙ.ව. 12:03



ලෝක ආර්ථික සමුළුව අමතමින් තමන් සිදුකළ කතාව විකෘති කොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් ඇති බවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.

“මං දැක්කා සමාජ මාධ්‍යවල මං ලෝක ආර්ථික සමුළුවට ගිහින් ඉදිරිපත් කළ කතාව විකෘති කරලා ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කීවෙත් ඒකයි.

අපේ රටේ බුද්ධිමත් තරුණ පිරිස පිටරටවලට යනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන අය පිට රටවලට යන එක අපරාධයක්. ඒක ආසියානු කලාපයේම අර්බුදයක්.

අපේ රටවලට යුරෝපයේ තිබෙන මත්ද්‍රව්‍ය එනවා. සංචාරක කර්මාන්තයට අපි කැමති වුණාට මත්ද්‍රව්‍යයවලට කැමති නෑ. අපි ඒක බේර ගන්න ඕන.”

පාර්ලිමේන්තුව අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: