hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 03, පෙ.ව. 12:05



ආර්ථි­කය ශක්ති­මත් කිරීම උදෙසා විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රු­න්ගේද සහ­යෝ­ගය ලබා ගනි­මින් ආණ්ඩුව කට­යුතු කරන්නේ නම් එය ආර්ථි­ක­ය­ටද හිත­කර වනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේ­න්තු­වේදී පැවැති විවා­ද­යට සහ­භාගී වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රවී කරු­ණා­නා­යක මහතා මෙසේද පැව­සීය.

මෙරට සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් ආර්ථි­කය වෙනු­වෙන් විශාල කාර්ය භාර­යක් ඉටු­ක­ර­නවා. ඒ අය සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කළ යුතුයි.

මීට පෙර තිබූ ආකා­ර­යට නොවෙයි අය-වැය සකස් කර තිබෙන්නේ. මේ තත්ත්ව­යන් වෙනස් වී තිබෙ­නවා. හැම අව­ස්ථා­ව­ක­දීම ආණ්ඩුව උදා­හ­රණ ගන්නා විට සිදුව තිබෙන දේවල් බලා කතා කරන්න. දැන් බැණ බැණ ඉඳ වැඩක් නැහැ. මොකද දැන් වැඩ­කළ යුතුයි.

අද වන­විට අස්වැ­සුම ලක්ෂ 24 දක්වා වැඩි වී තිබෙ­නවා. හතර දෙනෙ­කු­ගෙන් යුතු පවු­ල­කට ජීවත් වෙන්න පසු­ගිය කාල­යේදී රුපි­යල් හැට­හ­ත්ද­හ­සක් අව­ශ්‍යයි. නමුත් අද එය විශාල ලෙස වැඩි වෙලා. අද වන­විට තරු­ණ­යන් අතර අස­හ­න­යක් තිබෙ­නවා.

මම ආණ්ඩු­වට කිය­නවා, පුළු­ව­න්ත­රම් ආයෝ­ජන සිදු කරන්න. ආයෝ­ජන අවස්ථා පුළුල් කරන්න. රටක් ලෙස අපි විශාල ණය ප්‍රමා­ණ­යක් ගෙවිය යුතුව තිබෙ­නවා.

මම හිතන විදි­හට පුළු­වන් තරම් ව්‍යව­සා­යක අවස්ථා පුළුල් කළ යුතුයි. බිලි­යන 20ක් දාලා ශ්‍රීලං­කන් ආය­ත­නය හදන්න බැහැ කියලා මම එදාත් කිව්වා. ඒ නිසා මහා පරි­මාණ ගුවන් සමා­ග­ම­කට තමයි මේක ශක්ති­මත් කළ හැක්කේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: