hit counter

2025 ජූලි මස 05 වන සෙනසුරාදා

2025 ජූලි 05, පෙ.ව. 12:08



සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙමින් ඇතැයි බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස ගල් පඩිපෙළ ගෙවීමට ලක්ව ඇතැයි කී ඒ මහතා ගල් පඩිපෙළ තව කොපමණ කාලයක් භාවිත කළ හැකි දැයි කාල නිර්ණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි ද ප්‍රකාශ කරයි.

සීගිරියේ ගල් පඩි ඉවත්කර ඒ වෙනුවට ග්‍රැනයිට් පඩිපෙළක් යෙදීම හෝ ගල් පඩිවලට ඉහළින් යකඩ පඩි පෙළක් යෙදීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට හැටක් පමණ සීගිරිය නැරඹීමට පැමිණෙන බවත්, ලබන වසරේදී පමණක් සීගිරියට සංචාරකයන් ලක්ෂ 18ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: