hit counter

2025 ජූලි මස 06 වන ඉරිදා

2025 ජූලි 06, පෙ.ව. 12:12



මේ දවස්වල යුරේනිගෙ ”කලු කොල්ලා” හරිම ජනප්‍රියයි.

ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටා, යූටියුබ්… මේ හැමතැනම කතා වෙන්නෙ යුරේනිගෙ ”කලු කොල්ලා” ගැන.

එහෙම වෙන්නත් එපැයිනෙ නේද… මොකද මේ ‘යුරේනිගෙ වැඩක්’

ඉතින් ජනප්‍රිය නොවී තියෙයිද..

‘කලු කොල්ලා’…

රංගනයට, නිවේදනයට විතරක් ම සීමා නොවුණු යුරේනිගේ නවතම ගීත නිර්මාණය තමයි ඒ.

ඊට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.

ඒ ලැබෙන ප්‍රතිචාර ගැන, යුරේනි වචන කළ ආදරයයි මේ….

”කලු කොල්ලා සිංදුව release කරලා අදට සතියයි.

ලංකාවේ හතර දෙසින් කලු කොල්ලා ඇහෙනකොට තියෙන්නෙ පුදුමාකාර සතුටක්.

මට මේ දෙන ආදරයට ඔයාලට ස්තූති කරන්න වචන නෑ.

මේ ජීවිතේ කරපු හැම කැප කිරීමක්ම සාධාරණයි කියලා හැගෙන්නේ මේ පුංචි මැණික් කැටෙන් ඔයාලගේ ආදරය මේ විදිහට ලැබෙන කොට.

කලු කොල්ලා සිංදුවට ආදරය කරන like කරපු share කරපු ටික්ටොක් කරපු හැමෝටම ස්තූති,ආදරෙයි

මට කිව්ව කවුරුහරි දාල තිබ්බ යුරේනි වැඩක් කලොත් එක trending නෙමෙයි Yurening කියලා.

හරියටම හරි I set the trends

හැම media channel එහෙකම , FM එහෙකම මගේ සියලු සහෝදර සහෝදරියන්ට ස්තූති ආදරෙයි.

හැමදාමත් වගේම මේ දෙන support එකට, ආදරයට ගොඩාක් පිං.

හැමෝටම ජය”

උපුටාගැනීම : යුරේනි නොෂිකා ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: