2025 ජූලි 06, පෙ.ව. 11:02
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවෙයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248ක් රැස්කර ගත්තේය.
පර්විස් හොසේන් ලකුණු 67යි
පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත්තේය.
ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5කදී ලකුණු 232කට දැවී ගියා.
කුසල් මෙන්ඩිස් පන්දු 31කින් ලකුණු 56ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 78ක් ලබා ගත්තත් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගාවලිය සමවී තිබෙන අතර අවසන් එක්දින තරගය ජූලි 8වනදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47