2025 ජූලි 09, පෙ.ව. 7:00
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජයගත්තේය.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 6කට පසුවයි.
පල්ලේකැලේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කට ලකුණු 285ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 124ක් හා චරිත් අසලංක ලකුණු 58ක් ලබා ගත්තා.
ලකුණු 287ක ඉලක්කයේ පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 186ක් පමණි.
අසිත ප්‍රනාන්දු ලකුණු 33කට කඩුලු 3ක් හා දුෂ්මන්ත චමීර ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත්තේය.
2025 ජූලි 09, පෙ.ව. 7:18
2025 ජූලි 08, ප.ව. 2:12
2025 ජූලි 06, පෙ.ව. 11:02
2025 ජූලි 05, පෙ.ව. 8:20
2025 ජූලි 04, ප.ව. 12:56