hit counter

2025 ජූලි මස 11 වන සිකුරාදා

2025 ජූලි 11, පෙ.ව. 8:00



සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තේය.

මහීෂ් තීක්ෂණ ලකුණු 37ට කඩුලු 2යි.

බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155ක ඉලක්කය තරගයේ 19වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර T20 ක්‍රිකට් දිවියේ 16වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 42ක් රැස්කර ගන්නට පැතුම් නිස්සංක සමත් විය.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.