hit counter

2025 ජූලි මස 13 වන ඉරිදා

2025 ජූලි 13, පෙ.ව. 8:07



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන T20 තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වෙයි.

මෙම තරගයේ සියළුම ප්‍රවේශ පත් විකිණී අවසන්ව තිබේ.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට හැකිවෙයි.

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ අවසන් පුහුණුවීම්වල නිරතව සිටියේය.