2025 ජූලි 15, පෙ.ව. 10:15
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.
අද (15) උදෑසන 08.55ට පමණ එම හස්තිරාජයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයකට ලක්ව දින ගණනාවක සිට අසාධ්‍යය තත්ත්වයේ පසු වූ භාතිය හස්තියා අද උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මහව – පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටියදීයි භාතිය සොයා ගැනුණු අතර මීට දින 11කට හස්තියාට ප්‍රතිකාර කිරීම අරඹා තිබුණි.
ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඊයේ දිනයේ දී ඒ වනවිට සිටි ඉරියව්ව වෙනස් කිරීමට හස්තියාට ප්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළහ.
කෙසේ වෙතත් ප්‍රතිකාර ලබමින් සිටිය දී භාතිය අද උදෑසන අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.
2025 ජූලි 15, ප.ව. 6:44
2025 ජූලි 15, ප.ව. 6:36
2025 ජූලි 15, ප.ව. 5:16
2025 ජූලි 15, ප.ව. 5:06
2025 ජූලි 15, පෙ.ව. 11:41