2025 ජූලි 18, ප.ව. 6:26
යුක්‍රේන යුද්ධයට දින පනහක් තුළ විරාමයක් ගෙන ඒමට නොහැකි වන්නේ නම් රුසියාව සමග ගනුදෙනු කරන රටවලට එරෙහිව ද්විතීයික බදු පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළා.
මේ සමගම ඉදිරි දිනවල රුසියාව විසින් සිය ගිම්හාන මෙහෙයුම් තීව්‍ර කරනු ඇතැයි අනාවැකි පළව තිබෙනවා.
රුසියානුවන් විසින් යුක්‍රේනයේ සටන් පෙරමුණෙන් පසුපස තිබෙන ස්ථානවලට මෙන්ම සටන් පෙරමුණට ද ශහෙඩ් වර්ගයේ ඩ්‍රෝන ප්‍රහාර වැඩිකර තිබෙනවා. එමෙන්ම දන්යෙත්ස්ක් පළාතේ පක්‍රොව්ස්ක් සහ කන්ස්තන්තිනිව්කා ප්‍රදේශ වැටලීමේ උත්සාහයන් ද තවත් වැඩි වී තිබෙනවා.
යුක්‍රේන මාධ්‍ය සමග අදහස් දැක්වූ විචාරකයන් කිහිප දෙනකුම සඳහන් කළේ ඉදිරි දිනවල මෙම නගර දෙක අල්ලාගැනීමේ උත්සාහයන් දැඩි වනු ඇති බවයි. එම නගර දෙකෙන් එකක් හෝ රුසියානුවන් අතට පත්වේ යැයි ඔවුන් අනුමාන කරන්නේ නැහැ. කෙසේ වෙතත් පක්‍රොව්ස්ක් නගරය වැටලීම ඉතා අවදානම් සහගත තැනකට ගමන් කරනු ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.
මේ අතර ද්නීප්‍රොපෙත්‍රොව්ස්ක් පළාත වෙත ඇතුල් වී ඇති රුසියානුවන් එහි තවත් ඉදිරියට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරෙනවා. සූමි පළාතේ ගම්මාන කිහිපයක් රුසියානුවන් අතට පත්ව ඇති අතර එදෙසින් ද තවත් ප්‍රහාර එල්ල විය හැකියි. නමුත් රුසියානුවන් ප්‍රධාන අවධානය යොදවා ඇත්තේ දන්යෙත්ස්ක් ප්‍රදේශය වෙත වන අතර එම තත්ත්වය වෙනස් වන හැඩක් ද නැහැ.
මේ අනුව මෙම දින පනහක කාලය තුළ ප්‍රධාන නගර කිසිවක් රුසියානුවන් අතට පත්වීමේ අවකාශය අඩු වුවද යුක්‍රේනයට සැලකිය යුතු භූමියක් අහිමි වීමේ ඉඩක් තිබෙනවා.
ඇමරිකාව සඳහන් කර තිබුණේ යුක්‍රේනයට සහය වීම සඳහා හැකි තරම් ඉක්මණින් අවි එවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
2025 ජූලි 15, පෙ.ව. 2:12
2025 ජූලි 14, ප.ව. 6:56
2025 ජූලි 14, ප.ව. 2:49
2025 ජූලි 09, ප.ව. 8:39
2025 ජූලි 07, ප.ව. 11:55