hit counter

2025 ජූලි මස 21 වන සඳුදා

2025 ජූලි 21, පෙ.ව. 12:03



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි මෙම ලිපිය යොමු කර ඇත.

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හර විෂය කාණ්ඩයෙන් ඉවත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම, බස්නායක නිලමෙවරුන් හිතුවක්කාරී ලෙස පත් කිරීම මේ ආණ්ඩුවට එල්ලවී ඇති බරපතළ චෝදනා බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කර ඇතැයි ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි ප්‍රකාශයක් කර ඇති බවත් එසේ කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහමුලින්ම පටහැනි ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තවද විහාර හා දේවාලගම් පනත බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ‌පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් තමන්ගේ හෙන්චයියන් බස්නායක නිලමේ පුටුවල වාඩි කරවීමෙන් අද පෙරහැර පවා කඩා වැටෙන තත්වයක් මතුව ඇතැයිද මන්ත්‍රීවරයා එම ලිපියෙන් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: