hit counter

2025 ජූලි මස 27 වන ඉරිදා

2025 ජූලි 26, ප.ව. 5:31



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (25) දින තීරණය කළේය. 

කොළඹ මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සඳහන් කළේ, දේශපාලන දඩයම්වලට හිස නමන්නේ නැති බවත් දණ නමන්නේ නැති බවත්ය.

චතුර සේනාරත්න තවදුරටත් සඳහන් කළේ,

“මේ 15 වැනිදා උදේ 9.00ට ඒ සුපුරුදු කතිකා කරගත් පරිදි කටඋත්තර දීමට අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙල සැකසුවනම් මේ වෙනකොට ප්‍රකාශය දීලා ඉවරයි. අල්සස් කොමිසමට බලතල තියෙනවා, මේකත් එක්ක ඒ සාධාරණ විදිහට, යුක්තියට, සාධාරණයට, නීතියට අනුව ඒ අවශ්‍ය සහයෝගය ලබාදීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අනීතිකව දේශපාලන දඩයම් කරනකොට හිස නමන්නෙත් නෑ.. දණ නමන්නෙත් නෑ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: