hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජූලි 27, ප.ව. 11:57



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේය.

බංග්ලාදේශයේදී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමේ මෙම තීරණයට එලැඹිණි.

තරගාවලිය සැප්තැම්බර් මස 09 සිට 28 දක්වා පැවැත්වන අතර ඒ සඳහා රටවල් 8ක් තරග වැදීමට ද නියමිතව තිබේ.

එම කණ්ඩායම් වන්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය ,පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමානයයි.

ශ්‍රී ලංකාව පළමු තරගයේදී බංග්ලාදේශය සමග සැප්තැම්බර් මස 13වන තරග වදීයි.

2025 ආසියානු T20 තරගාවලියේ කාළ සටහන පහත දැක් වෙයි.

අවසන් තරගය සැප්තැම්බර් මස 28වනදා පැවැත්වෙයි.