hit counter

2026 මැයි මස 20 වන බදාදා

2025 ජූලි 28, ප.ව. 6:23



අද දින ඉන්දියාවේ ජම්මු සහ කශ්මීරයේ ලිද්වාස් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ලශ්කාර් ඊ තයිබා සංවිධානයේ සාමාජිකයන් තිදෙනකු ඝාතනය කළේ යැයි ඉන්දීය බලධාරීන් පවසනවා.

ඇතැම් වාර්තා අනුව පැවසෙන්නේ අප්‍රේල් මාසයේ පෙහෙල්ගාම් හිදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවකු ලෙස සැලකෙන සුලෙයිමාන් ෂා නමැත්තා ද මෙහිදී මියගිය බවයි. නමුත් එම තොරතුර නිශ්චිත වශයෙන් තහවුරු වී නැහැ.

ත්‍රස්තවාදීන් පිරිසක් සැරිසරන බව ලැබුණ වාර්තාවක් අනුව දචිගාම් රක්ෂිතයෙහි හර්වාන් ප්‍රදේශයේ ඔපරේශන් මහාදේව් නම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. මෙහිදී ලිද්වාස් ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් හා ගැටුමක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය මුලින් “ද රෙසිස්ටන්ස් ෆ්‍රන්ට්” නම් සංවිධානය විසින් බාරගනු ලැබුණ ද පසුව ඔවුන් එය සිදු නොකළ බව කියා සිටියා. මෙම සංවිධානය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ලශ්කාර් ඊ තයිබා සංවිධානයේම තවත් පෙරමුණක් බවයි ඉන් දියාව පවසන්නේ. නොබෝදා ඉන්දියාවේ ස්ථාවරය පිළිගනිමින් ඇමරිකාව ද එම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළා.