hit counter

2026 මැයි මස 13 වන බදාදා

2025 ජූලි 31, පෙ.ව. 12:17



ගාලු මුවදොර සවි කර ඇති කිසිදු ප්‍රයෝජනයක් නොමැති කාල තුවක්කු මෙන් වර්තමාන විපක්ෂ කණ්ඩායම් නැවත අවශ්‍ය නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

ජනතාව අවුරුදු පහක් සඳහා ලබා දුන් ජනවරම අනුව කටයුතු කිරීමට මිස එහෙන් මෙහෙන් මතුවන රතිඤ්ඤාවලට බිය විය යුතු නැති බව ද හෙතෙම සඳහන් කරයි.

තමන් දැන් ගොඩනගන්නේ බිමට සමතලා වී හතර ගාතෙන් වැටී තිබුණු ආර්ථිකය බව ද ලක්ෂ්මන් නිපුණාආරච්චි අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: