hit counter

2025 අගෝස්‍තු මස 06 වන බදාදා

2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:05



ජීවිතය අපේක්ෂාවෙන් අපේක්ෂා රෝහලේ ගෙවෙන ජීවිතවලට යම් සුවදායී අස්වැසිල්ලක් ගෙනෙන ‘අපේක්ෂා හැන්දෑවේ’ ගී ගයන්න එක්වන ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල්, ජීවිත කාලයටම අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්නා බව නොරහසක්.

ඒ මතක අතර අතිශය සංවේදී මතක නොසෑහෙන්න.

එවන් තවත් එක් සංවේදී කතාවක් ඔහු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදාගෙන තිබුණා.

ඈ නමින්, හෂිනි සුබෝධා.

හෂිනි අපේක්ෂා රෝහලේ, ප්‍රතිකාර ලබන කාලයේ ඇගේ එක් බලාපොරොත්තුවක්ව තිබී ඇත්තේ කීර්ති පැස්කුවෙල් මහතාව දැකබලා ගැනීම.

එදා ඇගේ බලාපොරොත්තුව ඉටුකරනුවස්, කීර්ති පැස්කුවෙල් මහතා අපේක්ෂා රෝහල වෙත ගොස් ඇය සමඟ කතාබහ කර සිය ‘සඳලතා පායලා’ ගීය ද ගායනා කර තිබුණා….

”සඳලතා පායලා…. ඇයට දැන් ගොඩාක් අසාධ්‍යයි. අපි ඉක්‍මන් නීරෝගි සුවය පතමු.

මනුසත් බව ලැබූ..මනුෂ්‍යත්වය හඳුණනමනුෂ්‍යයන් විඳිහට. කෙනෙකුගේ හදවත සියුම්ව ස්පර්ශ කරමින්..මොහොතකට හෝසතුටක්..සැනසුමක්..සහනයක් වෙන්න පුළුවන් නම් ඒක මොන තරම් භාග්‍යයක්ද..පිනක්ද..

එවැනි අවස්ථා මගේ ජීවිත ගමන් මගේදි නිතරම හමුවෙනවා..27වන ඉරිදා එවන් දිනයක් .(2025.07.27). රාත්‍රියේ මහරගම පිළිකා රොහල් පරිශ්‍රයේ පැවැති සංගීත ප්‍රසංගයක් සඳහා සහහාගී වන්නට මට අවස්ථාව ලැබුනා.

ඒ අවස්ථාවේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුබෝධා නම් අවුරුදු 24 ක දියණියකට මාව දකින්නට ආසාවෙන් පසුවන බවත් හැකිනම් කැඳවාගෙන එන ලෙසත් වාට්ටුවේ හෙද නිළධාරින්ගෙන් ඉල්ලීමක් කොට තිබුනා.

ඒ අනුව..ප්‍රසංග වේදිකාවේ ගී ගැයීමෙන් අනතුරුව මා වෙහෙස වී සිටියත් ඒ සියල්ල පසෙක ලා ඇයගේ එම අහිංසක ඉල්ලීම ඉටුකරන්නට මා ප්‍රමාද වූයේ නැහැ.

එවන් ආදරනීය ..කාරුණික ඉල්ලීමක් මා මොන තරම් කාර්ය බහුල අවස්ථාවක පසුවුවත් කෙලෙසකවත් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. ඒ අනුව මම ඇය අසලට ගොස් ඇය සමග කතා බහකොට ඇය වෙනුවෙන් ඇයගේ ආසම ගීතය ගායනා කරන්නට යෙදුණා.

ඇය බොහෝ සෙයින් සතුටු වුනා..අමන්දානන්දයට පත්වුනා පමණක් නොව මා සමඟ ගීතයක කොටසක් ද මිමිණුවා.සැබැවින්ම …මිළ මුදලින් මනින්න බැරි තරම් නිම් හිම් නැති සතුටක් ඇයට වගෙම මටත් දැනුණා.

එය වදනට පෙරළිය නොහැකි කියා නිමකරන්න බැරි තරම් නිරාමිස සතුටක්.. සැනසුමක් ..මගේ දෙමාපියන් ට .පිංසිදු වන්නට මේ මනුසත්කම මා ඔවුන්ගෙන් ලද දායාදයයිආදරණීය සුබෝධා දියණීයේ …ඔබට ඉක්මනින් ම නිදුක් ..නීරෝගි සුව ලැබේවා ..!!.

එදා එලෙස සැනසීමෙන් දවස ගෙවූ ඇය, ඊයේ රාත්‍රියේ අවසන් ගමන් ගොස් තිබුණා.

මිය යන විට ඇගේ වයස අවුරුදු 24ක්…

”ඉතා සංවේගයෙන් දැනුම් දෙමි.

එදා මා ඇයව දකින්නට ඇය සමීපයට ගොස්, ඇගේ කැමතිම “සඳලතා” ගීතය ගායනා කලා. ඇයව මොහොතකට හෝ සතුටු කරා.

බලන්න ඒ මොහොතේ ඇය කොතරම් සතුටකින් හිටියද… නමුත් ඒ ඉතා අවාසනාවන්ත කණගාටුදායක ආරංචිය අද උදෑසනම අසන්නට ලැබුනා.
ඊයේ රාත්‍රියේ සුබෝධා දියණිය අපෙන් සදහටම සමුගත් පුවත. කොහොම දරාගන්නද..

අවුරුදු 24 තරම් වයසකදී ඇයව අපෙන් උදුරාගන්නට තරම් ඇගේ දෛවය කුරිරු වුයේ කෙසේද? ආදරණීය සුබෝධා දුවේ….ඔබට මේ සසර පුරාවටම මතු උපදින හැම ආතමයකදීම මෙවන් අකල් මරණයක් උදානොවේවා…!!! මා පමනක් නොවෙයි ඔබට ආදරය කරන හැමකෙනෙකුගේම පැතුම එයයි. මගේ දියනියේ ඔබට අජරාමර නිවන් සුව අත්වේවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: