2025 අගෝස්තු 06, ප.ව. 10:58
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම දිගටම සිදුකිරීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව සියයට 25 ක අමතර තීරුබද්දක් පනවන බව ධවල මන් දිරය ප්‍රකාශ කළා.
මේ අනුව ඉන්දියාව මත පනවා ඇති සම්පූර්ණ තීරුබද්ද සියයට 50 දක්වා ඉහළ යනවා.
කෙසේ වෙතත් මෙම තීරුබදු ක්‍රියාත්මක වන්නේ එම නියෝගයෙන් දින 21 ක් ගිය තැනයි. එමෙන්ම තීරුබදු ක්‍රියාත්මක වන දින වනවිට නැව්ගත කළ හෝ ගබඩාවලට පැමිණ ඇති භාණ්ඩ එම අමතර තීරුබදු නොමැතිව නිදහස් කරගැනීමට සැප්තැම්බර් 17 උදෑසන 12.01 දක්වා කල් ලබා දී තිබෙනවා.
රුසියාව විසින් දින පනහක් තුළ යුක්‍රේන යුද්ධය අවසන් නොකරන්නේ නම් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදුකරන රටවලට සියයට 100 ක තීරුබදු පනවන බව ට්‍රම්ප් පසුගිය මාසයේ සඳහන් කළා. පසුව මේ දිනය අගෝස්තු 8 දක්වා කෙටි කරනු ලැබුණා.
මේ අතර ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අද මොස්කව් නගරයේදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මුණගැසුණා.
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්තෝබර් 10, ප.ව. 7:29