2025 අගෝස්‍තු 06, ප.ව. 11:08
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අද ක්‍රෙම්ලීනයේදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මුණගැසුණා.
මෙම හමුව ප්‍රතිඵලදායක වූ බව ට්‍රම්ප් සිය ටෘත් සෝශල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පැවසුවා.
ට්‍රම්ප් කියා සිටින්නේ තමන් එම සාකච්ඡාවේ මතුවූ මූලික කරුණු පිළිබඳ යුරෝපීය මිත්‍ර රටවල් කිහිපයක් දැනුවත් කළ බවයි.
යුක්‍රේන ගැටුම නිමවිය යුතු යැයි සියල්ලන්ම බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර පුටින්ගේ විදේශ කටයුතු උපදේශක යූරි උශාකෆ් සඳහන් කළේ දෙපාර්ශවය සංඥාවන් හුවමාරු කරගත් බවයි.
මේ අතර රුසියානු ඍජු ආයෝජන අරමුදලේ අධ්‍යක්ෂ කිරිල් දිමිත්‍රියෙෆ් සඳහන් කළේ දෙපාර්ශවයට සාකච්ඡාව මගින් පොදු ස්ථාවරයකට පැමිණිය හැකි යැයි තමන් විශ්වාසය පළකරන බවයි.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59