2025 අගෝස්තු 09, පෙ.ව. 10:27
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව එළඹෙන අගෝස්තු 15 වනදා ඇලස්කාවේදී සිදුවන බව නිවේදනය කර තිබෙනවා.
මේ බව පළමුවෙන්ම ප්‍රකාශයට පත්කළේ ජනාධිපති ට්‍රම්ප් විසින්.
මෙම හමුව ප්‍රධාන වශයෙන්ම යුක්‍රේන යුද්ධය අවසානයක් කරා ගෙන ඒම පිළිබඳව සාකච්ඡාවක් වනු ඇති බවයි සඳහන් වන්නේ.
පළමු හමුවෙන් අනතුරුව රුසියාවේදී නායකයන් දෙදෙනා අතර හමුවක් සිදුවනු ඇතැයි පුටින්ගේ විදේශ කටයුතු උපදේශක යූරි උශකෝෆ් බලාපොරොත්තු පළ කරනවා.
නොබෝදා ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවූ අවස්ථාවේ පුටින් සටන් විරාමයක් සඳහා භූමිය හුවමාරු කරගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කළ බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59