2025 අගෝස්‍තු 12, පෙ.ව. 12:04
පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32 පමණ ගර්භනී තත්ත්වයට පත්ව ඇති බවත් මෙය පසුගිය වර්ෂ වලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වයසින් ගැබ් ගැනීම් ඉහළ යාමට හේතුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහන් සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ විස්සයි විසිතුන වර්ෂයේදී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11 පමණක් වාර්තා වී තිබූ නමුත් මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් තිස් දෙකක් පමණ වාර්තා වීම ඉතා දරුණු මාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය අනතුරක් බවයි.
මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ් ගැනීම් පමණක් වන අතර අඩු වයසෙන් ගැබ් ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා දැරිවියන් අඩු වයසින් ගැබ් ගැනීම මේ වන විට සුලභ සිද්ධියක් බවට පත්ව ඇති අතර පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබා දිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතර ද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබා දෙන සෛද්ධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමඟ ප්‍රායෝගිකව විෂය කරුණු බෙදා දීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේදී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව පසුගිය මාස පහක කාල සීමාවේදී ස්ත්‍රි දුෂණ සිදුවීම් විසි දෙකක් ද අන්තර්ජාලය හරහා ඡායාරූප බෙදාහැරීන් සම්බන්ධ සිදුවීම් හැට තුනක්ද, ලිංගිකව අතවර කිරීමට තැත් කිරීම් 216 ක්ද කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක් කිරීම් 85 ක්ද මේ දක්වා වාර්තා වී ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
කුඩා දැරිවියන් සහ තරුණියන් නිසිකලට පත්වීමට පෙර ගැබ් ගැනීම තම හිතවත්ම ඥාතීන් හෝ පෙම්වතුන් හරහා සිදුවන බවත් මේ තත්ත්වය කෙරෙහි දෙමව්පියන්ගේ දැඩි අවධානයට ලක්වීම වැදගත්වන බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍ය චමල් සංජීව මහතා එවන් තත්ත්වයන්ට ගොදුරු වන දැරියන් පසුව රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වා දෙයි.
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25