2025 අගෝස්‍තු 14, ප.ව. 12:54
ඊයේ (13) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල පැවති රැස්වීමක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදී හරවා යැවීමට පියවර ගෙන තිබේ.
මොනරාගල, මාගන්දන මුල්ල පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයක අදාළ රැස්වීම සූදානම් කර තිබුනේ සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟිනි.
විපක්ෂ නායක, පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ රැස්වීමට සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.
පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය විසින් කළ ආරාධනාවකට අනුව එහි ගිය මාධ්‍යවේදීන් ඉවත් කරනු ලැබුවේ මේ රැස්වීම පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් බව සඳහන් කරමිනි.
2025 අගෝස්‍තු 14, ප.ව. 12:04
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25