2025 අගෝස්‍තු 16, පෙ.ව. 10:00
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇලස්කාවේ ඇන්කරේජ් හිදී පැවති සාකච්ඡාව සුහද ලෙස අවසන් වුණා.
එම සාකච්ඡාව අතරතුරදී යුක්‍රේන යුද්ධය නිමා කිරීම පිළිබඳ අවසන් එකඟතාවයකට නොපැමිණි බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. නමුත් ඒ පිළිබඳ අනාගතයේදී කටයුතු කෙරෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළා.
මේ අතර ඊළඟ හමුව සඳහා මොස්කව් පැමිණෙන ලෙස ජනාධිපති පුටින් ජනාධිපති ට්‍රම්ප්ට ඇරයුම් කළා.
ට්‍රම්ප් විසින් පුටින්ව රතු පලසක් මතින් පිළිගත් අතර ඔවුන් දෙදෙනා සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයට පිටව ගියේ ට්‍රම්ප්ගේ ලිමුසීන් රථයෙන්. එම සාකච්ඡාව තිදෙනා – තිදෙනා ආකාරයෙන් පැවති බවයි සඳහන් වන්නේ. ඒ අනුව රුසියාවෙන් පුටින්, විදේශ ඇමති සර්ගේයි ලව්රෝෆ් සහ පුටින්ගේ විදේශ කටයුතු උපදේශක යූරි උශකෝෆ් යන අයත් ඇමරිකාවෙන් ට්‍රම්ප්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් යන අයත් ඊට සහභාගී වුණා.
රැස්වීම අවසානයේ නායකයන් දෙදෙනා මාධ්‍ය අමතා අදහස් දැක්වූ අතර ඉන්පසු පුටින් දෙවන ලෝක යුධ සමයේදී ඇලස්කාවේදී මියගිය සෝවියට් ගුවන් නියමුවන්ගේ සොහොන් වෙත පුෂ්පෝපහාර දැක්වූවා.
2025 අගෝස්‍තු 17, ප.ව. 11:26
2025 අගෝස්‍තු 17, ප.ව. 11:09
2025 අගෝස්‍තු 14, ප.ව. 2:00
2025 අගෝස්‍තු 09, පෙ.ව. 10:27
2025 අගෝස්‍තු 07, පෙ.ව. 2:20