hit counter

2025 අගෝස්‍තු මස 17 වන ඉරිදා

2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:09



අද ඔහු හිටියා නම් මොන තරම් නම්සතුටු වේවිද..?

අපේ රටේ පිනට පහළ වූ මහා කලාකරුවා ජැක්සන් ඇන්තනී, මේ කියන්න යන්නේ අන්න ඔහු ගැන කතාවක්..

ජැක්සන් ඇන්තනී නම් වූ මේ මහා කලාකරුවා මෙලොවින් සමුගන්නකොට කවදා හෝ තමන්ගේ පණමෙන් රැකි කලාව ඉදිරියට ගෙනියන්න මේ තරම් දරු මුණුඹුරන් පිරිසක් එක් වේවි කියලා ඔහු හිතන්න වත් නැතුව ඇති.. ඒත් දැන් ඒ පවුල හරිම සරුසාරයි..

අඩුවක්ව ඇත්තේ ඔහුගේ නික්මයාම පමණමයි.. තාත්තෙකුට දුවෙක් මොන තරම් නම් සමීපද..?

මාධවී – ජැක්සන් අතර තිබුණෙත් අන්න ඒ වගේ සමීප බැඳීමක්.. මාධවීගේ ආදරණීය පුංචි පුතා දැන් ටිකෙන් ටික ලොකු වෙනවා.. ඒ ගැන මාධවීට තියෙන්නේ අසීමාන්තික සතුටක් වෙන්න ඇති.. ඒත්, අද ඒ සතුට බෙදා ගන්න ඇගේ ආදරණීය අප්පච්චී මාධවී ළඟ නැහැ..

කොහොම වුණත් ටික ටික බහ තෝරන පුංචි කෛලාෂ් ඔන්න සීයා තාත්තාගේ ඡායාරූපයක් ළඟ මේ විදිහට නතර වෙලා. කිසිකලෙක බිඳෙන්නේ නැති ඒ බැඳීම ගැන මාධවී මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“සුදු බබාගෙ සීයාතාත්තා පුතේ..” ඒ මෙන්න මේ විදිහේ සටහනක් එක්කයි.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: