2025 අගෝස්‍තු 18, පෙ.ව. 12:08
ඇය කාවින්ද්‍යා අධිකාරි… ඉතිං හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේත් අතුල අධිකාරිගේත් ආදරණීය දෝණි…
කවී කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.
කාවින්ද්‍යා නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන වෙනවා. ඇය දැන් ආදරණීය බිරිඳක්.. ඇය දනිදුට හරිම ආදරෙයි.. ඔන්න කවී එයාගේ ආදරේ ගැන සුන්දර සංවේදී සටහනක් මුහුණුපොතට එකතු කරලා තිබුණා…
ඒ මෙන්න මෙහෙමයි…
කියවලා බලන්නකෝ…
ගොඩක් අය මම බැන්ඳට පස්සේ ඇහුව ප්‍රශ්න ටිකක් තමයි…
1. ඔයාට sure ද ඔයා හරි තීරණය ගත්තේ කියලා?
2. එය ඔයාට ගැලපෙනව ද?
3. ඔයා ගෙ lifestyle එකට එයා adjust වෙයි ද?
4. ඔයා දෙන ආදරේට එයා වටිනාකමක් දෙයි ද?
etc…
මගේ උත්තරය හරිම සරලව මම ඒ හැම කෙනෙක් ට ම දුන්නා…
මම මාව විශ්වාස කරේ නෑ ඒ කාලේ ඉඳන්ම. මට තියෙන හැකියාන් ගැන ලොකුවට ඔලුවට අරන් වැඩ කරේ නෑ, ඒ හැමදේම විශ්වාස කරලා මාව වැඩ වලට යොමු කරේ මගේ අම්මා සහ මම්මා (අම්ම ගෙ අම්මා).
තාත්තා කවදාවත් කෙලින් දේවල් මූණට නොකිව්වාට මම දන්නවා එයත් මම ජීවිතේ කවදාහරි හොඳ දේවල් කරගෙන පොළොවේ පය ගහලා ජීවත් වෙයි කියලා විශ්වාස කරා කියලා…
ජීවිතේ වයස යන්න යන්න, ජීවිතේට හිතන්නෙවත් නැති ප්‍රශ්න එන්න එන්න මට ජීවිතේ “මම විතරක් ඇති”, “මට කවදාවත් බඳින්න ඕනේ නෑ”, “මම මගේ පාඩුවේ ඉන්නං” කියන තීරණයට ආවා…
කාලයත් එක්ක ඒ හැමදෙයක්ම වෙනස් උනා…
මම හිතුවෙවත් නැති විදිහට කෙනෙක් ට හිත ගියා, මම කල්පනා කරා ආය මගෙ හිත රිද්දගයි ද මම? මම plan කරපු ලස්සන “තනි” ජීවිතේ විනාශ කරගන්න ද මම යන්නේ?, කියලා…
ටික දවසක් යද්දි මට තේරුන දෙයක් තමයි, නෑ! මට ඒ හිතට දැනිච්ච හැඟීම මම එයාට කියනවා කියලා…
ඔව්, මම තමයි මුලින්ම එයාට ආදරේ කිව්වේ… ඒ විතරක් නෙමේ ටික දවසක් අශ්‍රය කරද්දි මගේ හිත කිව්වේම මට එයාට බඳින්න ඕනේ කියලා.මම හිතුවා හරි, මම ඒකත් එයාට කියනවා කියාලා… මම ඒකත් කිව්වා…
මුලින්ම හරි උත්තරයක් නොදුන්න එයා කිව්වා මාව හම්බෙලා කතා කරන්න ඕනෙ කියලා…
ඉතින් අපි හම්බුනා… අපි coffee shop එකක හම්බෙලා ගොඩක් දේවල් share කරගත්තා, ජීවිතේ අපේ goals, අපි ඉන්න ආස විදිහ, අපේ පවුලේ විස්තර ඉඳන් සියලුම දේ ගැන කතා කරා… අපි එදා තීරණයකට ආවා.
මාස 6ක් යනකොට ඉබේටම අපේ කසාදෙත් තිරණය උනා.
ජීවිතේට දැකලාවත් නැති, කොටින්ම කියනවා නම් එහෙම මනුස්සයෙක් මේ ලෝකේ exist වෙනාවා කියලා දැනගත්තෙත් මම සහභාගී උන වැඩසටහනකට ඔහුත් සහභාගී වුන නිසා…. එහෙම හම්බුන කෙනෙක් එක්ක life එක share කරන්න දැන් කාලේ පොඩි බයක් ඇති වෙන දෙයක් උනත්, මට දැනුනේ හෙන කාලයක් තිස්සේ මම එයාව අඳුරනවා වගේ… ඒ feeling එක තේරුම් කරන්න ලොකුවට මට තේරෙන්නේ නෑ, හැබැයි මම දන්නවා මේක කියවන ඔයාට ඒ හැඟීම ජීවිතේ කොතනකදි හරි දැනිලා ඇති කියලා…
ඉතින් කොහොම කොහොමහරි අපි බැන්ඳා…
අපි දෙන්නව හරිහට අපි අඳුරගන්න පටන් ගත්තේ බැන්ඳට පස්සේ… මම විශ්වාස කරන දෙයක් තමයි කෙනෙක් ව මුණගැහුනට පස්සේ අපි කල යුතුම දෙයක් තමයි අපේ “විදිහ” මේකයි කියලා ඒ කෙනා එක්ක discuss කරන එක. අපි ඒක මුලින්ම කරපු නිසා life එකේ ගොඩක් තැන්වල අපෙ තේරුම් ගැනීම ශක්තිමත් උනා…
මගෙ අම්මා, තාත්තා, මම්මා ගෙ න් පස්සේ මාව වැඩියෙන්ම විශ්වාස කරන්නේ එයා. මටත් වැඩිය මාව බලාගන්නේ එයා… මම හිතන් හිටියෙ නෑ මම දෙන ආදරේට පෙරලා කිසිම කෙනෙක් ට මට ආදරේ කරන්න පුලුවන් වෙයි කියලා, හැබැයි ඒකත් එයා කරා/කරනවා…
ඉතින් මම මෙහෙම තීරණයක් අරගන්න හේතුව? සරලවම ඒ විශ්වයයි…
අපිට විශ්වය විසින් පෙන්නන සමහර දේවල් අපි ලේසියෙන් ignore කරනවා හැබැයි මම වයසත් එක්ක තේරුම් ගත්ත ලොකුම දේ තමයි “හැමදේටම හේතුවක් ඇත” යන්න.
විශ්වයට පුළුවන් අපේ life එක magically වෙනස් කරන්න… එය විශ්වාස කරනතාක් අපි ට magical දේවල් life එකේ වෙන්න පටන් ගන්නවා…
Universe එකට මම ස්තූතිවන්ත වෙනවා ජීවිතේ වුන සමහර දේවල් එක්ක, මම වගේ life/marriage එක ගැන hopeless feeling එකකින් හිටපු කෙල්ලක්ට ඔයා වගේ හොඳ මනුස්සයෙක් මේ ආත්මෙදී මුනගැස්සුවාට.
මම ජීවත් වෙලා ඉන්නකං ප්‍රාර්ථනා කරන්නේ ඔබ එක්ක මේ ලස්සන/දුශ්කර ගමන යන්න… ඊලඟ ආත්මෙදිත් මම මනුස්සයෙක් වෙලා ඉපදුනොත් ඔයා ලඟම ඉපදෙන්නත් මම ප්‍රාර්ථනා කරනවා…
දැන් වෙනකොට, ජීවිතේ කියන්නේ හරි ලස්සන දෙයක් කියලා දැනවා මොන ප්‍රශ්නේ ආවත්.
කුණාටු, සැඩ සුළං මැද්දේ සමහර කාලවල්වල මම තනියෙන් ඒවාට මුහුණ දුන්නා, එච්චරට හයිය හිතක් වෙලා මගේ අවු 29 හිත. දැන් ඒ හිතට තවත් ශක්තිය දෙන්න ඔයා මගේ ලඟ ඉන්නවා.
ඉතින්,
මම ආදරෙයි…
2025 අගෝස්‍තු 18, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 16, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 16, පෙ.ව. 12:01
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
16-08-25
16-08-25
16-08-25
16-08-25
16-08-25
16-08-25