hit counter

2025 අගෝස්‍තු මස 20 වන බදාදා

2025 අගෝස්‍තු 17, ප.ව. 11:09



ඇතැම් ප්‍රදේශයන් වෙතින් යුක්‍රේන හමුදා ඉවත්ව යන්නේ නම් නැවත යුක්‍රේනයට ප්‍රහාර එල්ල නොකරන බවට ලිඛිත පොරොන් දුවක් දීමට තමන් සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

යුරෝපා බලධාරින් විසින් ලබාදුන් තොරතුරු මත පදනම්ව මේ බව වාර්තා කර තිබුණේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින්.

මේ අතර යුක්‍රේනය නේටෝවට එක් නොවන බවට සහතිකයක් ද රුසියාව බලාපොරොත්තු වනවා.

යුක්‍රේනයේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදීමට ද තමන් කටයුතු කරන බව ඇමරිකානු පාර්ශවයෙන් සඳහන් වනවා.

අගෝස්තු 15 වනදා ඇලස්කාවේදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසුණ අතර ඔවුන් යුක්‍රේන යුද්ධය නිමා කිරීම සහ තවත් කරුණු පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් වනවා.