2025 අගෝස්තු 17, ප.ව. 11:26
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අගෝස්තු 18 වනදා පැවැත්වීමට නියමිතයි. මේ සඳහා යුක්‍රේන ජනාධිපතිවරයා වොෂිංටනය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා සමග පැමිණීමට යුරෝපා නායකයින් රැසක් සූදානම්ව සිටිනවා. ඒ අතර ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, නේටෝ මහ ලේකම් මාර්ක් රටර්, යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා ෆොන් ඩෙ ලේයන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, ජර්මන් චාන්සලර් ෆෙඩ් රික් මර්ට්ස්, ඉතාලි අගමැතිණි ජෝර්ජියා මෙලෝනි යන අය මෙසේ පැමිණීමට නියමිතයි.
අගෝස්තු 15 වනදා ව්ලදිමීර් පුටින් සමග කළ සාකච්ඡාවේදී එකඟ වූ කරුණු පිළිබඳව ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡා සිදුවේ යැයි විශ්වාස කෙරෙනවා. යුරෝපා නායකයන් පවසන්නේ මෙය යුක්‍රේන අර්බුදයෙහි තීරණාත්මක අවස්ථාවක් බවයි.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59