2025 අගෝස්‍තු 18, පෙ.ව. 11:01
නේපාලයේ කත්මන්ඩුහිදී පැවැත්වෙන ආසියානු සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක් දිනා ගත්තේය.
කිලෝග්‍රෑම් 120ට ඉහළ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට රන්සිළු ජයතිලක සමත්විය.
රන්සිළු දිනූ 7 වැනි ආසියානු සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම ද මෙයයි.

කිලෝග්‍රෑම් 105 බර පන්තියේ රන් පදක්කම මිනුර ගිම්හාන් ද,කාන්තා කිලෝග්‍රෑම් 58 බර පන්තියේ රන් පදක්කම යෂිති ධර්මවිමල විසින් ද දිනාගත්තේය.
කිලෝග්‍රෑම් 85 බර පන්තියේ රන් පදක්කම අශේන් දේවප්‍රිය හා මොහොමඩ් නදීන් කිලෝග්‍රෑම් 77 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12