2025 අගෝස්‍තු 18, පෙ.ව. 11:01
නේපාලයේ කත්මන්ඩුහිදී පැවැත්වෙන ආසියානු සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක් දිනා ගත්තේය.
කිලෝග්‍රෑම් 120ට ඉහළ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට රන්සිළු ජයතිලක සමත්විය.
රන්සිළු දිනූ 7 වැනි ආසියානු සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම ද මෙයයි.
කිලෝග්‍රෑම් 105 බර පන්තියේ රන් පදක්කම මිනුර ගිම්හාන් ද,කාන්තා කිලෝග්‍රෑම් 58 බර පන්තියේ රන් පදක්කම යෂිති ධර්මවිමල විසින් ද දිනාගත්තේය.
කිලෝග්‍රෑම් 85 බර පන්තියේ රන් පදක්කම අශේන් දේවප්‍රිය හා මොහොමඩ් නදීන් කිලෝග්‍රෑම් 77 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
2025 අගෝස්‍තු 18, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 15, පෙ.ව. 7:03
2025 අගෝස්‍තු 15, පෙ.ව. 6:50
2025 අගෝස්‍තු 12, ප.ව. 9:49
2025 අගෝස්‍තු 12, පෙ.ව. 9:37