hit counter

2025 අගෝස්‍තු මස 21 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:05



සුරූපී නිළි සනී ලියෝන්, ඇයගේ නවතම මලයාලම් සිනමා නිර්මාණය වන ‘Vista Village’ ගැන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, Vista Village ඇගේ පළමු මලයාලම් සිනමා චරිතාංග රංගනය සනිටුහන් කරනු ඇති.

ජාතික සම්මානලාභී අධ්‍යක්ෂවරයෙකු වන Pampally විසින් අධ්‍යක්ෂණය කරනු ලබන සිනමාපටය එන් කේ මොහොමඩ්ගේ නිෂ්පාදනයකි.

චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් සනී ලියෝන් සඳහන් කර තිබුණේ, එය තමාට සුවිශේෂී අත්දැකීමක් ගෙනා බවයි.

“Vista Village හි වැඩ කිරීම මට ඉතා සුවිශේෂී අත්දැකීමක් වුණා. මලයාලම් භාෂාව ඉගෙනීම ඇත්තෙන්ම අභියෝගයක් වුණත්, එය මට මගේ චරිතය වඩාත් හොඳින් කිරීමට උදව් වුණු නිසාම,,, ඉතා වටිනා අත්දැකීමක් වුණා. කසර්ගෝඩ් වැනි සුන්දර, දුරස්ථ ප්‍රදේශවල රූගත කිරීම් සැබවින්ම අමතක නොවන එකක්. කේරළයෙන් මට ලැබුණු ආදරයත් විශේෂයි. චිත්‍රපටය භාෂා හතරකින් නිකුත් වනවා. ඒ කියන්නෙ මට ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් සුවිශාලයි…”

මෙම බහුභාෂා චිත්‍රපටය තෙළිඟු, කන්නඩ සහ හින්දි භාෂාවලින් නිකුත් කිරීමට නියමිතය.

එහි රූගත කිරීම් සිදුව ඇත්තේ, කේරළයේ කසර්ගෝඩ් (Kasaragod) ප්‍රදේශයේයි.

චිත්‍රපටයට මලයාලම් සිනමා ක්ෂේත්‍රයේ නළු නිළියන් 40ක් පමණ සහභාගී වී ඇති බව සඳහන්.

හාස්‍ය, ත්‍රාසය පිරුණු කතා තේමාවක් රැගත් ‘Vista Village’ මෙම වසරේ වැඩිම අපේක්ෂාවන්ගෙන් යුත් ඉන්දීය සිනමාපට අතරින් එකකි.

බොලිවුඩ් චිත්‍රපට ගණනාවක සහ දමිළ, මරාති සහ බෙංගාලි ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපා ඇති ජනප්‍රිය නිළි සනී ලියොන්, මලයාලම් සිනමාවට පිවිසීම ඇගේ වෘත්තීය ජීවිතයේ නව පරිච්ඡේදයක් ද සනිටුහන් කරනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: