2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:06
විවිධ වූ චරිතවලට අපූරුවට හැඩගැහෙන්න හැකියාවක් ඇති, දක්ෂ රංගන ශිල්පියෙකි ‘ධනංජය සිරිවර්ධන’
මේ ගෙවෙන්නේ ඔහු, ලිංගික සංක්‍රාන්තිකයකු ලෙස ප්‍රේක්ෂකාගාරය මවිත කරමින් පසුවන කාලයක්.
ඒ අනූෂ සංජීවගේ අධ්‍යක්ෂණයක් වන, පසුගිය 14 වැනිදා සිට තිරගත වීම් ඇරඹි ‘මදර් ලංකා’ සිනමා නිර්මාණය තුළින්.
ධනංජය සිරිවර්ධන එහි සත්‍යා මැයෙන් අපූරු රංගනයක නියැලෙනවා.
චිත්‍රපටයේ රූගත කිරීම් සිදුව තිබුණේ කොටුව දුම්රියපළ සහ පැල්පත් ආශ්‍රිතව.
එහි තමන් මුහුණ පෑ අත්දැකීම් ගැන ධනා කියූ කතාවයි මේ….
”ඒක ඇවිත් බොහොම රසවත් අත්දැකීමක්. විශේෂයෙන් පිටකොටුවේ ඒ රාත්‍රියේදී කරපු රූගත කිරීම හරිම තීරණාත්මක රූගත කිරීමක්. ඇත්තටම පිටකොටුවේදී මාව කිසිවකු හඳුනාගත්තේ නැහැ. ඒ වෙලාවේ කිහිපදෙනෙක්ම පිටපත් රචිකාවිය වන ක්‍රිෂාන්ති අක්කාගෙන් මේ කවුද කියලත් අහලා තිබුණා. එතකොට ක්‍රිෂාන්ති අක්කා කියලා තිබුණා මෙයා ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ මෙයාගේ නම සත්‍යා කියලා. අන්තිමේ ඔවුන් ඒක පිළිඅරගෙන තිබුණා. ඇත්තටම ගැහැනියෙක් ද පිරිමියෙක් ද කියලත් අහලා තිබුණා.
ඔය අතරේ එක්තරා ගැහැනියක් පිටකොටුවේදී යම්කිසි කලබලයක් කළා. මම ඒ වෙලාවේ වෑන් එකට ගිහිල්ලා සැඟවී සිටියා. ඊට පස්සේ වෑන් එක ළඟට ඇවිල්ලත් වීදුරුව පහත් කරන්න කියලත් මට ඉතාම අමානුෂික ලෙස පරුෂ වචනයෙන් බැණ වැදුණා. මොකද ඇය මාව හඳුනාගෙන නෙමෙයි එහෙම කළේ. මම හිතන්නේ ඒ වෙලාවේ අපේ වාහනවල රියැදුරු මහතුන් පස්දෙනෙක් විතර හිටියා. ඔවුන් තමයි ඇයව එතැනින් මුදාගෙන අරගෙන ගියේ. ඉතින් හරි සජීවීව අත්දැකීම්වලට මුහුණදුන්නා. මොකද ඒ කාලය පුරාවටම මම මාව අමතක කරලා මුහුණ දුන්නා. ඒ වගේ දේවල්වලට මුහුණදෙන්න බලාගෙන තමයි මම මේ චරිතය තෝරාගත්තෙත්. ඒවා දැන් මතක් කරනකොට හරි සුන්දර අත්දැකීම්…”
”ඒක මාරයි. චරිතය තුළ ජීවත් වෙනවා කියන්නේ ඒ ආශ්චර්ය විඳින්න පුළුවන් වුණේ එතකොට. මාව හඳුනා නොගැනීම සම්බන්ධයෙන් මම ඇත්තටම සතුටු වෙනවා. පිටකොටුවේ විතරක් නෙමෙයි මුළු සෙට් එක පුරාවටම එහෙමයි. දිල්හානි අක්කාගේ ඉඳලා අනෙක් චරිතත් මාව මුණ ගැසෙන පළමු තත්පර කිහිපය තුළදී ඔවුන් මාත් එක්ක පොඩි සුහද සිනහවක් පාලා ගියා. ධනා මේ ඔයා නේද කියලා දෙවැනි පාර තමයි අහන්නේ. මාව හොයාගන්න බැරිවීමත් මාරයි. නළුවෙක් හැටියට මම බලාපොරොත්තු වෙන්නේ ධනංජයව නොපෙන්වා වෙන චරිතයක් පෙන්වනවා නම් ඒකේ උපරිමයට ආපු අවස්ථාවක් තමයි සත්‍යා..”
නිර්මාණය ගැන තමන්ගේ අම්මා දක්වන ලද ප්‍රතිචාරයත් ඔහු මෙලෙස වචන කර තිබුණා…
”…මම ඒකට මෙහෙම කියන්නම්. අන්සතු ගැහැනියකුගේ උකුළ මත මා ගෙවා දැමූ ජීවිත කාලය තරම් සොඳුරු සැනසිලිදායී ජීවිතයක් මට කවදාකවත් හම්බවෙලා නැහැ. ඒ අන්සතු ගැහැනිය තමයි මගේ අම්මා. මොකද මගේ අම්මාව අයිතිවෙලා තිබුණේ මගේ තාත්තාට. අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර පවතින ප්‍රේමය අපට වචනවලට පෙරළන්න බැහැ. ඒ තරම් සියුම් ආකර්ෂණීය ප්‍රේමයක්. ඒ ප්‍රේමය අපිට ජීවිත කාලය පුරාවටම වචන කරන්න බැරි ප්‍රේමයක්.
මගේ අම්මා මේ සිනමා පටය නරඹපු වෙලාවේ ඇස්වල කඳුළු තිබෙනවා මම දැක්කා.
අම්මා ලස්සනට ලියන සාහිත්‍යකාරියක්නේ. ඇයට මේ චිත්‍රපටය නරඹලා අවසන් වුණාට පසුව වචන නැතිවුණා. දවස් කිහිපයකට පසුව තමයි ඇයගේ හරි ප්‍රකාශනය මට අහන්න පුළුවන් වුණේ. ඉපදෙන්න කලින් මම බලාපොරොත්තු වුණා ඔයාව දුවෙක් හැටියට. එතකොට තාත්තා මට ගෞරී පූර්ණිමා කියලා නමකුත් දාලා තිබ්බා. නමුත් හම්බවුණේ පුතෙක්නේ. අපේ පවුලේ දූවරු නැහැ. අයියලා දෙන්නෙක් සහ මම තමයි හිටියේ. එතකොට ඒ ගොල්ලෝ දුවෙක් නැති අඩුවෙන් හිටියේ. ඉතින් අම්මා කිව්වා පැය දෙකකට හරි මගේ දුව බලන්න පුළුවන් වුණා. පුතෙකුට අම්මා කෙනෙකු ස්තූති කරපු පළමු වතාව ද මන්දා අම්මා කිව්වේ මට මගේ නැතිවුණ දුව ඔයා මට ලොකු තිරයක් මත පෙන්නුවා කියලා. මම හරිම ආඩම්බරයි මගේ පුතා ගැන කියලත් කිව්වා. ඉතින් ඒක මට හරිම ලොකු අගය කිරීමක්….”
උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන
2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 19, පෙ.ව. 12:14
2025 අගෝස්‍තු 19, පෙ.ව. 12:06
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
19-08-25
19-08-25
19-08-25
19-08-25