2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:01
ශ්‍යාමෝපාලිවංශික සියම් මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රීධර්ම මහාසංඝ සභාවේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක, මැලේසියාවේ මලක්කා සෙක් කියා එන්ග් බෞද්ධ විහාරයේ ආධ්‍යාත්මික අනුශාසක, පානදුර අළුබෝමුල්ල කුඩා-අරුක්ගොඩ ශ්‍රී මහින්ද්‍රාරාමය, බණ්ඩාරගම, වැල්මිල්ල ශ්‍රී නිකේතනාරාමය යන උභය විහාරාධීශ්වර, ආචාර්ය අතිපූජ්‍ය අළුබෝල්ලේ රතනසිරි අභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී වදාළා.
අළුබෝල්ලේ රතනසිරි අභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව පිදීමට 2025.08.21 (බ්‍රහස්පතින්දා) රාත්‍රී 8 සිට 2025.08.22 (සිකුරාදා) පෙරවරු 9 දක්වා බණ්ඩාරගම, වැල්මිල්ල ශ්‍රී නිකේතනාරාමයේදී ගිහි පැවිදි සැදැහැවතුන් සැමට අවස්ථාව හිමිවෙනවා.
2025.08.22 (සිකුරාදා) පෙරවරු 10 සිට 2025.08.24 (ඉරිදා) පස්වරු 2 දක්වා අළුබෝමුල්ල, කුඩා-අරුක්ගොඩ ශ්‍රී මහින්ද්‍රාරාමයේදීද ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට හැකියි.
ඒ අනුව ආදාහන පූජෝත්සවය ලබන 24 ඉරිදා ශ්‍රී මහින්ද්‍රාරාම විහාර භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13