2025 අගෝස්තු 24, ප.ව. 12:28
සිම්බාබ්වේ කණ්ඩායම හා එක්දින තරග 2කට, T20 තරග 3කට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා එක්දින හා T20 කණ්ඩායම චරිත් අසලංක මෙහෙයවනු ලබයි.
සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ආබාධයකට ලක් වූ වනිඳු හසරංග ආසියානු කුසලානයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන බව නායක චරිත් අසලංක පවසයි.


ශ්‍රී ලංකා එක්දින සංචිතයට ප්‍රථම වරට පවන් රත්නායක කැඳවා තිබේමත් කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ පළමු එක්දින තරගය අගෝස්තු මස 29, දෙවන එක්දින තරගය අගෝස්තු මස 31 පැවැත්වෙයි.

T20 තරගාවලියේ තරගය සැප්තැම්බර් මස 3,6 සහ 7යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47