hit counter

2025 අගෝස්‍තු මස 27 වන බදාදා

2025 අගෝස්‍තු 27, පෙ.ව. 7:53



ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ 32 දෙදෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත් විය.

ඊශ්‍රායල් ක්‍රීඩක මිෂා සිල්බර්මන් වට 2-0ක් ලෙසින් පරාජය කරමින් අවසන් 32 වටයට සුදුසුකම් ලබා ගැනීමට විරේන් සමත් වුණා. 

තරගයේ ලකුණු සටහන දැක්වුණේ 21-11 සහ 23-21 ලෙසයි. 

කාන්තා තරගයේදී රනිත්මා ලියනගේ ද අවසන් 32 දෙනා අතරට පිවිසීමට සමත් වුණා.

විරේන් හා රනිත්මා අද අවසන් 32 දෙදෙනාගේ තරග වටයේදී තරග වදිනවා.