2025 අගෝස්‍තු 30, ප.ව. 6:44
සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගය ලකුණු 7කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගත්තේය.

පැතුම් නිස්සංක ලකුණු 76ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 57ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70ක් ද ලබා ගත්තා.
පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 50දී කඩුලු 8කට ලබා ගත්තේ ලකුණු 291ක් පමණි.
බෙන් කරන් ලකුණු 70ක් ද, සිකන්දර් රාසා ලකුණු 92ක් ද ලබ ගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 10ක් ලබා ගත යුතු මොහොතේදී පළමු පන්දු 3දී පිට පිට කඩුලු තුනක් දවා ගත් ඩිල්ෂාන් මධුශංක කඩුලු ත්‍රිත්වයක් බිඳ දැමීමට සමත් විය.

සිකන්ඩර් රාසා, බ්‍රැඩ් එවින්ස් සහ රිචඩ් න්ගාරවා ඩිල්ෂාන්ගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ක්‍රීඩකයෙකු දවා ගත් 11 වන කඩුලු ත්‍රිත්වය ද මෙය විය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47