2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 11:40
සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැතුණු ප්‍රථම T20 තරගයෙන් කඩුලු 4ක ජයක් අත් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් විය.
හරාරේ පිටියේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7කට ලකුණු 175ක් රැස් කළාය.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් බ්‍රයන් බෙනට් ලකුණු 81ක් ලබා ගත්තා.

දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 3ක් හා නුවන් තුෂාර ලකුණු 47කට එක් කඩුල්ලක් ද , මහීෂ් තීක්ෂණ ලකුණු 38කට එක් කඩුල්ලක් ද,දුෂාන් හේමන්ත ලකුණු 28කට එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

ජයග්‍රහී ඉලක්කය පන්දුවාර 19.1කදී කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය කඩුලු 4කින් ජය ගත්තේය.
පැතුම් නිස්සංක ලකුණු 55ක් ද ,කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් හා කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් ලබමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත් කර දුන්නා.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47