2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:28
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැතිණි සහ නිවාස ලේකම් ඇන්ජෙලා රේනර් සිය අමාත්‍ය ධුරයන්ගෙන් මෙන්ම කම්කරු පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබෙනවා.
මීට හේතුවී ඇත්තේ ඇය නිවසක් මිලදී ගැනීමේදී රජයට ගෙවිය යුතු වූ මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවීමේ සිදුවීමක් බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ.
ඇය අමාත්‍ය මණ්ඩල ආචාරධර්ම කඩකළ බව පිළිගනිමින් රේනර් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළා.
රේනර්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් කැබිනට් සංශෝධනයක් කිරීමට අගමැති කියර් ස්ටාමර්ට සිදුව තිබෙනවා.
2024 මහමැතිවරණයෙදී කම්කරු පක්ෂයට ආසන 411 ක් ලැබුණ නමුත් ස්ටාමර්ගේ ආණ්ඩුව ආර්ථික අපහසුතා, සංක්‍රමණික ප්‍රශ්නය යනාදී කරුණු හේතුවෙන් අභියෝග රැසකට මුහුණදී සිටිනවා.
වසරක කාලයක් තුළ අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම විවිධ හේතු මත ඉල්ලා අස්ව ඇති අතර දේශපාලනික වශයෙන් රිෆෝර්ම් UK පක්ෂයේ නැගීම සහ ජෙරමි කෝර්බින් නව පක්ෂයක් ස්ථාපිත කිරීම හේතුවෙන් ද කම්කරු පක්ෂයට ප්‍රබල අභියෝග එල්ල වී තිබෙනවා.
එවන් අවස්ථාවක රේනර් ඉල්ලා අස්වීම ස්ටාමර්ට සැලකිය යුතු ගැටලු ඇතිකළ හැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:46
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:37
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:06
2025 අගෝස්තු 31, ප.ව. 2:36