hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:37



රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම මගින් එරට ආර්ථිකය කඩා වට්ටවා, එරට සාමය වෙත කැඳවාගත යුතු යැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරනවා.

ප්‍රංශයේ පැරිසියේදී යුක්‍රේනයට සහය දෙන රටවල සමුලුවක් අමතමින් ඔහු කියා සිටියේ රුසියාවේ යුධ නිශ්පාදන හැකියාව සමතලා කිරීමෙන් පමණක් එරටින් එල්ල වන තර්ජනය වැළැක්විය නොහැකි බවයි.

මේ අතර සෙලෙන්ස්කි ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ද සාකච්ඡා කර ඇති අතර රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීම පිළිබඳව ඔහු එහිදී කරුණු දක්වා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ තමන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ අතරතුරදී, යුක්‍රේනයේ සටන් විරාමයක් ඇති වූ පසු සාම සාධක හමුදා එවීමට රටවල් 26 ක් ඉදිරිපත්ව ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කළා. නමුත් යුරෝපීය රටවල සාම සාධක හමුදා යුක්‍රේනයට පැමිණීම පිළිබඳ රුසියාව සිය විරෝධය දක්වා තිබෙනවා.