2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:46
වෙනෙසුවේලාවට අයත් F-16 යානා දෙකක් ඇමරිකානු නාවික හමුදාවේ USS ජේසන් ඩන්හම් නෞකාවට ඉහළින් පියාසර කර ඇතැයි CBS මාධ්‍ය ආයතනය වාර්තා කළා.
වෙනෙසුවේලා මුහුදු ප්‍රදේශය ආසන්නයට ඇමරිකානු නෞකා කිහිපයක්ම යවා ඇති අතර එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුම් සඳහා ගත් පියවරක් බවයි ඇමරිකාව පවසන්නේ.
කෙසේ වෙතත් වෙනෙසුවේලාවේ නිකුලස් මදුරෝ පාලනය නාර්කෝ-ත්‍රස්තවාදී කල්ලියක් ලෙස ඇමරිකාව විසින් නම් කර තිබෙනවා. එහෙයින් ඇමරිකාව වෙනෙසුවේලාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන්නේ යැයි සැක පළවී තිබෙනවා.
මේ අතර ඇමරිකානු F-35 යානා දහයක් කැරිබියන් මුහුදේ පුවර්ටෝ රිකෝ දූපත වෙත යවා ඇතැයි ද අද වාර්තා කර තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43