hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 06, ප.ව. 7:41



රාවණා ඇල්ල බස් අනතුර පිළිබඳව කතාබහ කරද්දි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පිළිබඳවත් අනිවාර්යෙන්ම සිහිපත් කළ යුතුමයි. එහිදී ඔහු කළ කැපවීම පිළිබඳව එම ප්‍රපාතයටම ගිය බසය අසලටම ගොස් ජීවිත බේරාගත් වෙදුරුගේ බිහිසුණු අත්දැකීම පිළිබඳව ඔහු ප්‍රකාශයක් සිදු කර තිබේ.

එහිදී ඔහු සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්,

“අපි කැපවුණා මගේ අතේ ඒ වගේම හාර්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා.විශාල ජීවිත අනතුරකුත් තිබ්බා මට. විශාල ආයාසයකින් අමාරුවකින් තමයි එතෙන්ට ලඟා වුණේ.උදේ තමයි මේ ප්‍රපාතේ ෆොටෝස් දැක්කේ මාත් කල්පනා කළා මම කොහොමද මෙතනින් බැස්සෙ කියලා.මගේ සෙරෙප්පු දෙයක්වත් කකුලේ තිබුණෙ නැහැ.එක කඹයක් හරි කැඩිලා ගියා නම් තව අඩි සීයක්වත් ප්‍රපාතයට පෙරලෙනවා.මොකද කඹේ සීයකට වැඩි පිරිසක් එල්ලිලා හිටියා.වතුර නැතුව ලොකු පිපාසයක් ආවා.පැය භාගයක් ගියේ නෑ කූල් වතුර ගෝනියක් පුරව ගත්තු තරුණයෙක් උඩ ඉඳන් පල්ලට බැස්සා. මං කියන්නේ රටේ මනුස්සකම මැරිලා නෑ මනුස්සකම තියෙනවා.”

ඔහු ඔහුගේ බිහිසුණු අත්දැකීම පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබුණේ ඒ ආකාරයටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: