hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 06, ප.ව. 8:07



ඇල්ල – වැල්ලවාය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට අනතුර සිදුවූ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය වූ ප්‍රදේශයේ සිට අදාළ මියගිය පිරිසගේ ඥාතීන් වෙත මෙම මෘත දේහ භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණා. ඊට කිසිදු මුදලක් අය නොකරයි මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

දියතලාව පල්ලියේ සහ එම ප්‍රදේශයේ මරණාධාර සමිතිවලද සහය ඇතිව සපයා ගත් වාහන 6කින් මෙම දේහයන් ප්‍රවාහනය කිරීම ඔවුන් සිදුකර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: