hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04



“මගේ දරු­වට බස් එකෙන් පැනලා පණ බේරා ගන්න පුළු­ව­න්කම තිබි­ලත් එහෙම කරලා නැහැ. එයා අව­සන් මොහො­තෙත් කට්ටිය බේරා ගන්න උත්සාහ කර තිබෙ­නවා.” යැයි අන­තු­රට පත් බස් රථයේ රියැ­දුරු ලෙස කට­යුතු කළ තංගල්ල හේන­ක­ඩුවේ පදිංචි තෙවරා හැන්න­දිගේ චිරාන් දිමන්ක (27) මහ­තාගේ මව කීවාය.

චිරාන් දිමන්ක 27 හැවි­රිදි විවා­හක තරු­ණ­යෙකි. ඔහුගේ මව යමුනා මහ­ත්මිය නෙටො­ල්පි­ටිය මහ විදු­හලේ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ සේවි­කා­වකි. ඇය සිය පුතුගේ අන­පේ­ක්ෂිත වියෝ­වෙන් කම්ප­න­යට පත්ව සිටි­න්නීය. පුතා ගැන මත­කය අවදි කළේ මෙසේය.

මගේ පුතා හරි අහිං­සක දරු­වෙක්. නිත­රම විනෝ­ද­යෙන් කල්ගත කළේ. පුතා විවා­හ­කයි. දුව තංගල්ලේ රෙදි­පිළි වෙළෙඳ සැලක වැඩ කර­නවා. එයා­ලට තවම දරුවො නැහැ. පුතා වීර­කැ­ටිය සෙන්ට්‍රල් එකේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඔහුගේ එකම ආශාව තිබුණේ රථ­වා­හන රිය­දු­රෙකු වෙන්නයි. ඔය ගිය බස් එක චාරි­කා­වන් යන එකක්. ඒ බස් එකට ට්‍රිප් එකක් ආවොත් පුතාට තමයි ඩ්‍රයි­වින් කරන්න දෙන්නේ. ඔය පුරුදු වෙන්න ගිය ගම­නක් නෙවෙයි. එයාට දැන් එක එක කතා කිය­නවා. මගේ පුතා එහෙම දරු­වෙක් නෙවෙයි. මොනවා වුණාද කියලා මට හිතා­ගන්න බැහැ. උදේ යන­කොට හේන­ක­ඩුව පන්ස­ලට පඬුරු දමලා ගිය දරුවා. පුතාට ඕනෑ­ක­මක් තිබු­ණා­නම් බස් එකෙන් පැනලා පණ බේරා­ගන්න තිබුණා. නමුත් එයා එහෙම කළේ නැහැ. අන්තිම මොහොත දක්වා බස් එක බේරා­ගන්න උත්සාහ ගන්න ඇති.

දිනමිණ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: