2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:44
ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් 09/10 දින උදෑසන සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.
ඒ අනුව 09/10 දින උදෑසන 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 ගුවන් ගමන අවලංගු කර තිබේ.
මෙයට හේතු වී ඇත්තේ නේපාලයේ රට තුළ හට ගෙන ඇති අරගලකාරී තත්වය වන අතර 09/09 දින වන විට එරට අග්‍රාමාත්‍යවරයා ද පළවා හැරීමට අරගලකරුවන් පියවර ගෙන තිබේ.
මෙම තත්වය යටතේ නේපාලයේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙම ගුවන් ගමන් පිළිබද උනන්දුවක් දක්වන පිරිස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිත ආයතනයෙන් විමසීමක් කරන ලෙස දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.
2026 අගෝස්තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්තු 24, පෙ.ව. 12:19
16-09-25
16-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25