2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:24
පසුගිය ජනාධිපතිවරණයේදී එකම දේශපාලන කඳවුරෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් වීම පරාජයට ප්‍රධානතම හේතුව වූ බවත්, නැවත එම වරද සිදු නොකර ඉදිරි මැතිවරණ සඳහා සියලු දෙනා එක්ව මුහුණ දිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
සියලු පාක්ෂිකයින්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ ඉදිරියේදී සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම බවද ඔහු කියා සිටියා.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ඊළඟ ජනාධිපතිවරයා වන බවට කිසිදු වාදයක් නොමැති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේද ආශිර්වාදය සහ සහයෝගය හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පැවසුවා.
තවද, නාමල් රාජපක්ෂ මහතාට හැකි තරම් උත්සාහ කර විපක්ෂ නායක ධූරයවත් ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් සුදුසු බවද ඔහු ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,
“පැහැදිලිවම අපේ කඳවුරම් තමයි මේ කඳවුර. මේ කඳවුරෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් පහුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වීමෙන් තමයි අපේ පරාජයට ප්‍රධානම හේතුව වුණේ. එතකොට අර රෑ වැටිච්ච වලේ ආපහු දවල් වැටෙන්නත් බෑ. එම නිසා ඉතා පැහැදිලිවම සියලුම පාක්ෂිකයින් ඒකමතිකව සියලු දෙනාගේම ඉල්ලීම තමයි ඉදිරියේදී මේ මැතිවරණවලට මුහුණ දෙනකොට අපි එකට වැඩ කරන්න ඕනේ, එකට එකතු වෙන්න ඕනේ කියන එක.ඒ වෙනුවෙන් සියලු දෙනාම ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම මේ රටේ ඊළඟ ජනාධිපති වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ ගැන කිසිම වාදයක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඊට ආශිර්වාද කරයි, ඊට සහයෝගය ලබාදෙයි. නාමල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන් තරම් මහන්සි වෙලා විපක්ෂ නායක ධූරයවත් ලබාගන්න කටයුතු කළොත් හොඳයි.”
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:17