hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:08



මිද්දෙණියේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනිකය යොදාගෙන තමන් ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහතුනක් නිෂ්පාදනය කර බෙදා හැරීය බව කෙහෙල්බද්දර පද්ම පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත.

එම නිෂ්පාදන කටයුතු සඳහා ඉරාන ජාතිකයන් දෙදෙනකුගේ විශේෂඥ සහාය ලබාගෙන තිබෙන බවද කෙහෙල්බද්දර පද්මා සඳහන් කර ඇත.

එම රසායන ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඍජුවම අයිස් මත්ද්‍රව්‍ය ගෙන්න්වීමට වඩා විශාල ලෙස ලාභදායක වීමෙන් තමා ඇතුළු කල්ලිය මෙය සිදු කළ බවද සඳහන් කර ඇත.

මෙම රසායනික ද්‍රව්‍ය වර්ගය ආනයනය කිරීමේදී ආරක්ෂක අංශ වලට කිසිදු සැකයක් ඇති නොවන පරිදි වෙනත් නිෂ්පාදන අමුද්‍රව්‍යයක ආකාරයෙන් ආනයනය කිරීමට තිබෙන අවස්ථාව මෙහිදී පස්මේ ඇතුළු කල්ලිය ඉහළින්ම ප්‍රයෝජනයට ගෙන තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: