2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:09
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා, ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලී හේමචන්ද්‍ර මහත්මියගෙන් සමාව ඉල්ලා ඇත.
සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, තම ප්‍රකාශය මන්ත්‍රීනි ලක්මාලී හේමචන්ද්‍රට පුද්ගලිකව අපහාසයක් වන ලෙස බලපෑ බවට නිරීක්ෂණය කළ බවයි. ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, තම දේශපාලන කටයුතු සදාචාරාත්මක හා ප්‍රතිපත්තිමය තීන්දු මත පදනම් වන බවත්, විරුද්ධ මත ඇති පුද්ගලයින් සමඟ ගැටුම් ඇති කර ගන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක් බවත්, කිසිවිටෙකත් පුද්ගලික මට්ටමින් නොවන බවත් ය.
ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් සටහන
ලක්මාලී සමාවෙන්න
ඊයේ දින (10) පාර්ලිමේන්තුවේදී මා විසින් කරන ලද ප්‍රකාශයක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට පුද්ගලිකව අපහාස වන ලෙස හුවමාරු වූ බව මම නිරීක්ෂණය කළෙමි.
මම දේශපාලනය කරන්නේ සදාචාරාත්මක ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මතය. විරුද්ධ මත පළකරන අය සමඟ ගැටෙන්නේද ඒ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක්ය, කිසිවිටෙකත් පුද්ගලික කරුණු මත නොවේ.
අද පාර්ලිමේන්තුවේදී මගේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත නොවන ප්‍රශ්නයක් විමසීම හා මගේ කතාව අතරතුර මයික්‍රෆෝනය අක්‍රීය කිරීම නිසා ඇතිවූ ආවේගය මත මා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී. එමගින් ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට සිත් රිදවී ඇත්නම් ඒ පිළිබඳව මම කණගාටුවට පත්වන අතර මගේ හෘදයාංගම සමාව ද පළ කරමි.
ආදරණීය සමඟි ජන බලවේගයේ හිතවතුන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ප්‍රකාශය පෞද්ගලික කරුණක් ලෙස නොව, ප්‍රතිපත්තිමය විවාදයක කොටසක් ලෙස සලකා බලන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
මන්ත්‍රීවරයා පැහැදිලි කර ඇත්තේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත නොවන ප්‍රශ්නයක් ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීනිය විසින් විමසීමත්, ඔහුගේ කතාව අතරතුර මයික්‍රෆෝනය අක්‍රීය කිරීමත් හේතුවෙන් ඇති වූ ආවේගය මත මෙම ප්‍රකාශය සිදුවූ බවයි. එම ප්‍රකාශය තුළින් ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීනියට සිත් රිදවී ඇත්නම්, ඒ පිළිබඳව තමා කණගාටුවට පත්වන බවත්, තම හෘදයාංගම සමාව පිරිනමන බවත් ඔහු සඳහන් කර ඇත.
එසේම, සමගි ජන බලවේගයේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින බව පවසමින්, මෙම ප්‍රකාශය පුද්ගලික කරුණක් ලෙස නොසලකා, ප්‍රතිපත්තිමය විවාදයක කොටසක් ලෙස සැලකීමට ඔහු ඉල්ලා ඇත.
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 6:28
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:55
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:01
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:59
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:18
09-09-25
09-09-25
22-08-25
22-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
17-07-25
17-07-25
30-05-25
30-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
18-05-25
18-05-25
01-05-25
01-05-25
05-04-25
05-04-25