hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2026 අප්‍රේල් 19, පෙ.ව. 12:10



වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ජනතාව තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

දේශපාලන කටයුතු පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙතෙක් ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙස මධ්‍යස්ථව බැලූ ජනතාව පවා මෙම තත්ත්වය හමුවේ ඉමහත් කලකිරීමට සහ බලාපොරොත්තු සුන් කරගැනීමට ලක්ව ඇති බවයි.

තවද, මීට පෙර හොරකමට විරුද්ධව හඬ නගමින් ජනතාවගේ ඡන්දය ලබාගත් පිරිස්, බලයට පත්වූ දින සිට මේ දක්වා ක්‍රියාත්මක වී ඇත්තේ ද හොරකම සහ දූෂණය පෝෂණය වන අයුරින් බව සිරිවර්ධන මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

ජනතා බලාපොරොත්තු පාවා දෙමින් ගෙන යන මෙම දේශපාලන ක්‍රියාදාමය හමුවේ රටේ අනාගතය පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: