hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් 29, පෙ.ව. 9:54



මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් තෙවන පාර්ශ්වයක් විසින් එවන ලද ඊමේල් පණිවිඩයකට ගෙවීමක් සිදුකර ඇත්නම් එහිදී විමසිය යුතු කාරණා ගණනාවක් ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලී හේමචන්ද්‍ර පවසයි.

“එතනදි අපි හොයන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි දැනගෙන කළාද?
මේක ඇතුළේ වැඩක්ද? ඒක නිකන් කියන්න බෑ. හොයලා බලන්න ඕන. එහෙම නැත්නම් පද්ධතියේ යම් දුර්වලතාවක් නිසා වුණාද බලන්න ඕන.

ඒක මේ අපේ රටට විතරක් නෙමෙයි, ගිය අවුරුද්දේ එංගලන්තේ කස්ටම් ඔෆිස් එකත් මේ වගේම ඊමේල් එකකට අහුවෙලා. ඕස්ට්‍රේලියාවෙත් මේ වගේම සිද්ධියක් වුණා. ඒක ලංකාවේ විතරක් වුණ දෙයක් නෙමෙයි. ඒක පද්ධතියේ දුර්වලතාවක්.

ඒකට තමයි මුදල් අමාත්‍යංශය ඇතුළේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවක් පත්කරලා ඊට වගකිව යුතු අය හොයන්න පියවර ගත්තේ. ඊට අදාළව දැනටමත් නිලධාරීන්ගේ හතර දෙනෙක්ගේ වැඩ තහනම් කළා. රාජ්‍ය නිලධාරීන් වරදක් කළා නම් දඬුවම් දෙන්න ඕන.”

ඊයේ (28) දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ලක්මාලි හේමචන්ද්‍ර මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: