hit counter

2025 සැප්‍තැම්‍බර් මස 12 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:47



ඩිල්කා සමන්මලී කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන දක්ෂ ලෙස නිවේදිකාවක් විදිහට ඉදිරියට ආපු තරුණියක්.

ඇය දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා නිවේදන කාර්යය තුළ නිරත වුණා වගේම ප්‍රසිද්ධ දේශපාලන වැඩසටහනක නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

ඇයගෙ චතුර කථිකත්වය නිසාම බොහෝ අවස්ථාවන්වලදී දේශපාලනඥයන් පවා ඇය අහපු දේවල් වලට නිරුත්තරව ගල් ගැහුණු අවස්ථා තිබුණා.

ඊයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  කොළඹ විජේරාම මාවත නිවසින් පිටව තංගල්ල නිවස වෙත යාම සම්බන්ධයෙන් ඩිල්කා සමන්මලී සිය මුහුණුපොතට සටහනක් එක් කර තිබුණා.

එම සම්පුර්ණ සටහන පහතින්,

මහින්ද රාජපක්ශ යනු මහින්ද රාජපක්ශ ය.මේ මොහොතේ සවුදිය පුරන බොහෝදෙනෙකුගේ මනෝභාවය ගැන පැහැදිලි කල හැකි සිදුවීමක් මාස කීපයකට පෙර සිදුවිය.

මාගේ fb පෝස්ටුවක රාජපක්ශ සමයේ ඇතැම් කාරණා පිළිබඳ විවේචනාත්මක යමක් සඳන් වී ඇති අයුරු දුටු බරපතල JVP මිතුරෙක් මට කතා කොට අපූරු දෙයක් සඳහන් කලේය.

ඔහුගේ අදහස් දැක්වීම ගැන මා සිතුවේ මා රාජපක්ශ හිතවාදී කෙනෙකු ලෙස ඇති මතයට විරුද්ධ අදහසක් මාගේ පෝස්ටුවේ සටහන් වීම නිසා ඒ ගැන ඔහුගේ ප්‍රසාදය පලකිරීමට යාමක් ලෙසය.

නමුත් පුදුමයකි ඔහු මට කියන්නෙ මගේ පෝස්ටුවේ රාජපක්ශවරු ලෙස සටහන් වී තිබීම වැරදි සහගත බවයි.

ඔහු සඳහන් කරන පරිදි මගේ එම විවේචනය නිවැරදිය නමුත් රාජපක්ශලාට රාජපක්ශවරු යැයි සඳහන් කිරීම ද නොකල යුතුය.එවැනි ගෞරවයක්වත් දෙන්නෙ ඇයි දැයි ඔහු මගෙන් ප්‍රශ්න කරයි.”වරු ” යැයි සඳහන් කිරීම “රාජපක්ශලා” ලෙස වෙනස් විය යුතු යැයි ඔහු තර්ක කරයි.මා පුදුම වුනෙමි.මේ මිනිසුන් රාජපක්ශ නමට මෙතරම් බිය ඇයි දැයි මම ම කල්පනා කලෙමි.

මේ මහා සිංහල නායකයා ගැන එතරම් වෛරයෙන් සිටින සිංහලයන් සිටීදැයි මම එදා මගෙන්ම ප්‍රශ්න කලෙමි.
මේ ලිපිය ඔහුද ඇතැම්විටදකිනු ඇත.ඇතැම්විට මට නැවත ඇමතුමක් ලැබෙන්නටද බැරි නැත.

එම සංවාදය මතක් උනේ පහල fb සටහන දැකීමෙනි.එම සටහනට එකඟව එය උපුටා දක්වමි.

Nuwan Monaravila ගේ FB පිටුවෙන්,

ශත 20 ට මිළ හොයන සිංහළ ජාතියේ කොටසකට ජයවේවා

ඔස්කා වයිල්ඩ් කියන ලොව ප්‍රකට සාහිත්‍යවේදියා වරක් කියනවා

නරුමයා ලෝකයේ සියල්ලේම මිළ හොයනවා සසදනවා නමුත්,නරුමයා කිසිදේක වටිනාකම හොයන්නේ හෝ සසදන්නේ නෑ කියලා.

අපි අද ඉන්නේ නරුමයන් තීන්දු ලියන කාලයක.

මහා කළු සිංහයා පලා යනවෝ කියලා වළගම්බා අනුරාධපුරය අතහැර යනවිට කෑ ගහපු ,හිනාවුන නිගන්ඨයන් සතුටු වුන පරිදිම

මහින්ද නිළ නිවසින් එලෙව්වෝ,කියා සතුටු වන වර්ථමාන නිගන්ඨයන් ගොඩක් දකින්නේය.

ඒ මේ,ජාතියේ කොටසක හැටිය.

තත්පරයට රු 750 වියදම් කරපු යුද්ධයක් සදහටම නතර කර

රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 400න් ඉහළට 2000,ඉක්මවන සීමාවට ගත්තේ මහින්දය.

රටේ සෑම නිවසකටම විදුලිය සපයා අවසන් වුනේ යුද්ධයෙන් පසු,ගෙවුන වසර පහ තුළය.

ඉතිහාසයේ ජනාධිපතිධුරය ආරම්භ කල දවසේ සිට අද දක්වා වසරකට වැඩිම රජය මිළට ගත් වී තොගයට හිමි වාර්ථාව ලියවෙන්නේ මහින්දගේ නම ඉදිරිපිටය.

දකුණු කොරියාවට තරුණ තරුණියන්ට රැකියා සදහා දොරටු ඇර ගත්තේ මහින්දගේ යුද්ධයෙන් පසු වසර පහ තුළය.

යුද්ධයෙන් පසු කිසිදු විදේශයකින් දෙමළ ජනතාවට පහසුකම් සපයන්න ඩොලර් මිලියන 100 නොලැබුනත් දෙමළ ජනතාව බහුළ උතුරේ,දිස්ත්‍රික් පහකට වැඩිම රජයේ මුදල්,යොදවා සංවර්ධනය කලේ මහින්දය.

වර්ග කිලෝමීටර 65610 වුන ලංකාවට අළුතින් වර්ග කිලෝමීටර 4 එකතු කලේ මහින්දය

මම මේ,කීපයක් ලීවේ මහින්ද නඩත්තු කරන්න බදු මුදල් යොදවන්නේ ඇයි කියලා අහන සිංහල ජාතියේ කොටස වෙනුවෙන්ය.

ජනාධිපතිවරයෙක් ලෙස ලංකාවේ ජනාධිපති ධුරය ආරම්භ කරන ලද දවසේ සිට උහුලන ලද වගකීම් සහ අවධානම ගත්තොත්

ලංකාව වෙනුවෙන්
රාජ්‍යය වෙනුවෙන්
සිංහළ ජාතිය වෙනුවෙන්
බෞද්ධාගම වෙනුවෙන්

වැඩිම අවධානම සහ වගකීම පහර දීම නින්දා කිරීම කොන් කිරීම බාධා කිරීම තහංචි දැමීම දරා ගත්තේ මහින්දය.‼️

අදටත් ඒ,වෙනුවෙන් මරන්න මරණ වරෙන්තු නොනිළ ලෙස ලියවී තිබෙන සිංහළ මිනිහා මහින්දය

අපි සිංහළ ජාතියෙන් හිනා වෙන්නේ එකී මනුස්සයෙකුට ලංකාවේ පුරවැසියෙක් මාසයකට ශත.20 ක් වියදම් කිරීම නතර කරා යන්නටය.

මම නැවතත් මුලට එමි.

නරුමයා හැම දේකම මිළ විමසන අතර
වටිනාකමක් තැකීමක් නොකරයි.

ඉතිහාසයේ ලියයෙන විට කොළඔ හිටියත්
මැදමුලනේ හිටියත්

දේශමාමක ජාතිකවාදී සිංහළයන් ලංකාවේ ඉන්නා තුරු

මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය.

මැරෙනකල් මිනිස්සු කොළඔ ද බෙලිඅත්තේද නොසලකා මහින්ද සොයා යනු ඇත.

මේ සිංහළ ජාතියේ අවසාන කාර්තුවය.

සිංහළ ජාතිය වෙනුවට ලාංකික ජාතිය ඇප්ලයි කිරීම සිදුවෙමින් ඇත.

ඒ ව්‍යාපෘති වලට සිංහළ ලේබලයේ මහින්දලා පට්ටම විෂය බාධාකාරීය

එහි තුළදී සිදුවන්නේ සිංහළයාට අභිමානයක් ජනිත වන සියළු දේ ඉතා ක්ෂුක්මව ඉවත් කිරීම වන අතර

වටිනාකම් අතුගා දමීම සිදුවන්නේය.

රටකට අභය දානය ලබා ගත්ත මිනිහෙක්ට වඩා ඔහු ආරක්ෂා කරගන්න රටේ ජනතාවගෙන් එක් පුද්ගලයෙකු වසරකට වැයකරනවා කියලා ඇස්තමේන්තු වන

ශත.20 කට වැඩි ප්‍රචාරයක් ඉඩක් තක්සේරුවක් ලැබෙන්නේ

මහින්ද රාජපක්ෂට කෙලියා කියනවාට වඩා.

සිංහලයාට උං හිතන වටිනාකම් අනවශ්‍යයි කියන ගමන නිසාය.

ශත විස්සට ජයවේවා

…………….. නුවන් මොණරවිළ……………..

උපුටාගැනීම අවසන්………

මේ ඉතිරියෙන් අනාගතයේ සිදුකරන මහා සංවර්ධනය දෙසද බලා සිටිමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: