2025 සැප්තැම්බර් 12, පෙ.ව. 11:44
එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් නුවර රෝහලකදී ශල්‍යකර්මයක් අතරතුර සිහිසුන් කර සිටි රෝගියෙකු තවත් වෛද්‍යවරයෙකුට භාරදී, විනාඩි අටක කාලයක් හෙදියක සමඟ ලිංගික ක්‍රියාවක නිරත වූ වෛද්‍යවරයෙකු පිළිබඳව බ්‍රිතාන්‍ය වෛද්‍ය විනිශ්චය සභාවක් හමුවේ කරුණු හෙළි වී තිබේ.
44 හැවිරිදි විවාහක නිර්වින්දන වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සුහයිල් අන්ජුම්, 2023 සැප්තැම්බර් 16 වන දින මැන්චෙස්ටර් නුවර ටේම්සයිඩ් රෝහලේ සේවය කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇත. ශල්‍යකර්මයක් අතරතුර, තමන්ට “සුළු විවේකයක්” අවශ්‍ය බව පවසමින් ඔහු සිහිසුන්ව සිටි රෝගියාගේ වගකීම තාවකාලිකව වෙනත් වෛද්‍යවරයෙකුට පවරා ශල්‍යාගාරයෙන් පිටව ගොස් තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥ ඇන්ඩෲ මොලෝයි විනිශ්චය සභාවට දන්වා සිටියේ, ඉන් මොහොතකට පසු අසල පිහිටි වෙනත් ශල්‍යාගාරයකට ඇතුළු වූ තවත් හෙදියක්, වෛද්‍ය අන්ජුම් සහ ‘C’ ලෙස හඳුන්වන ලද හෙදිය “නුසුදුසු ඉරියව්වකින්” සිටිනු දැක ඇති බවයි.
“එම අවස්ථාවේදී හෙදියගේ කලිසම දණහිස දක්වා පහත් කර තිබූ බවත්, වෛද්‍ය අන්ජුම් ඔහුගේ කලිසමේ පටිය නැවත බඳිමින් සිටි බවත්” ඇය දුටු බවට සාක්ෂි ලබා දී ඇත.
මෙම දසුනින් කම්පනයට පත් වූ එම හෙදිය වහාම එතැනින් පිටව ගොස් ඇති අතර, විනාඩි අටකට පසු වෛද්‍ය අන්ජුම් නැවතත් සිය රෝගියා වෙත පැමිණ ඇත. වාසනාවකට මෙන් මෙම සිදුවීමෙන් රෝගියාට කිසිදු හානියක් සිදුවී නොමැති බවද අධිකරණයේදී අනාවරණය විය.
මෙම සිදුවීමෙන් පසු සිය මව් රට වන පකිස්ථානයට ගොස් සිටි වෛද්‍ය අන්ජුම්, නැවතත් බ්‍රිතාන්‍යයේ සේවය කිරීමට අවසර ඉල්ලා වෛද්‍ය වෘත්තිකයන්ගේ විනිශ්චය සභාව හමුවේ පෙනී සිටියේය.
එහිදී හෙදිය සමඟ ලිංගික ක්‍රියාවක නිරත වූ බවත්, තම ක්‍රියාවෙන් රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්විය හැකිව තිබූ බවත් පිළිගෙන, ඔහු විනිශ්චය සභාව හමුවේ සිය පසුතැවීම පළ කළේය.
මෙ හැසිරීමට හේතුව ලෙස වෛද්‍ය අන්ජුම් පෙන්වා දුන්නේ 2023 ජනවාරි මාසයේදී තම බාල දරුවාගේ උපතත් සමඟ නිවසේ ඇතිවූ දැඩි මානසික ආතතියයි.
“අපේ දියණිය ඉපදුණේ නොමේරූ දරුවෙක් ලෙස, ඉතාමත් අඩු බරකින්. මගේ බිරිඳ ඉතා කම්පන සහගත දරු ප්‍රසූතියකට මුහුණ දුන්නා. ඒ කාලයේදී යුවළක් ලෙස අප අතර තිබූ සම්බන්ධය බිඳ වැටුණා. එය මගේ පෞද්ගලික ජීවිතයට, මානසික සෞඛ්‍යයට සහ රෝහලේ වැඩකටයුතුවලට දැඩි ලෙස බලපෑවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතය.
2025 සැප්තැම්බර් 12, පෙ.ව. 10:47
2025 සැප්තැම්බර් 12, පෙ.ව. 12:11
2025 සැප්තැම්බර් 12, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 12:04
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25